
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.
ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින දස මහල් නව හදිසි ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදිකිරීම් ආරම්භ කළ මහාචාර්ය ඒකක සහිත දස මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබීම පිළිබඳව අවධානය යොමු කළේය.
මෙම දස මහල් ගොඩනැල්ල ඉදිකිරීම සදහා 2023 වසරේ රුපියල් බිලියන 2.26 ක මුදලක් වෙන්කර තිබූ අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට සැලසුම් කොට තිබුණි. මෙහි කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබුණි.
රෝහලේ තෙමහල් පිළිකා ප්‍රතිකාර සංකීර්ණ ගොඩනැගිල්ල සහ එහි ප්‍රතිකාර කටයුතුත් එහි ස්ථාපිත කොබොල්ටි විකිරණ ප්‍රතිකාර අංශය, ඖෂධාගාරය, විකිරණ ප්‍රතිකාර අංශය ඇතුළු රුධිර කාන්දු පෙරණ ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය වැනි අංශ ගණනාවක් ද අමාත්‍යවරයා නිරීක්ෂණයට ලක් කළේය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුව ඇමති බදුලු රෝහලේ හදිසි නිරීක්ෂණයක
ravin Sunday, 19 October 2025 12:10 PM
2023න් පටන්ගෙන 2025 ඉවර කරන්නලු තිබුණේ.. ගිණුම් පරීක්ෂා කළොත් හොයාගත හැකි වේවි ප්‍රමාදයට හේතු...