IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සුව ඇමති පරිසර පොලේ යයි

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟ පෙන්වීම මත කළුතර ප්‍රා‌දේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණූ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “පරිසර පොළ”  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

කළුතර වස්කඩුව, වාඩියවත්ත ක්‍රීඩාංගණයේ පැවැති “පරිසර පොළ ට ගිය අමාත්‍යවරයා  භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීම, අලෙවි කිරීම, සහ වෙළෙඳුන් විසින් මිල දී ගැනීම ඇතුළු අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළේය.

එමෙන් ම අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන අකාරයත්, පවතින අඩුපාඩු පිළිබඳවත්, එම වැඩපිළිවෙළට උපරිම ජනතා සහභාගීත්වයක් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහි දී අමාත්‍යවරයා සොයා බැලුවේය.

භාවිතයෙන් ඉවතලන ද්‍රව්‍ය එක්රැස් කිරීමේ  “පරිසර පොළ” වැඩපිළිවෙළ යටතේ  බාර ගනු ලබන ද්‍රව්‍ය නිසි පරිදි වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීකරණ කටයුතු සදහා අදාළ ආයතන වෙත සපයනු ලබන අතර, ඒ තුළින් විශාල වශයෙන් පරිසරය දුෂණය වීමෙන් වළක්වා ගැනීමට අවස්ථාව උදා වන බව අමාත්‍යංශය පවසයි.

නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා සේවා ස්ථානවල භාවිතයෙන් ඉවතලන පොලිතීන්, වීදුරු, පොල්කටු, ටින්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, පොත්, පත්තර, කාඩ්බෝඩ්, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම “පරිසර පොළ” වෙත භාර ගනු ලබන අතර, ඒ සදහා මුල්‍ය වටිනාකමක් ද එම ද්‍රව්‍ය ලබාදෙන්නන්ට ගෙවීම විශේෂත්වයකි.



අදහස් (0)

සුව ඇමති පරිසර පොලේ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site