IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ස්වස්තික පොකුණටත් නිදන් හොරු පනිති

පොලොන්නරුව ඓතිහාසික රංකොත් වෙහෙරට දකුණු දෙසින් පිහිටි ඉපැරණි පුරා විද්‍යා ස්මාරකයක් වන ස්වස්තික පොකුණ නිදන් හොරුන් විසින් හාරා විනාශ කොට ඇතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මහා පරාක්‍රමබාහු රජ සමයේ (1153-11863) ඉදි කරන්නට ඇතැයි සැළෙකෙන ඉතාමත් අලංකාර පොකුණක් වන මෙහි මෑත කාලයේ මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල මගින් සංරක්ෂණය කරන ලද්දකි.

ස්වස්තික පොකුණේ මධ්‍යයෙහි අඩි දෙක හමාරක පමණ දිගින් හා පළලින් යුක්ත වළක් හාරා ඇත.

 



අදහස් (0)

ස්වස්තික පොකුණටත් නිදන් හොරු පනිති

නීල් Sunday, 30 June 2013 04:33 PM

ස්වස්තික පොකුණ නිසා, හිට්ලර්ගේ හදවත මේකෙවත් තියෙයිද කියලා හොයලා බලන්න ඇති (නි)

:       0       0

අර්ෂා Sunday, 30 June 2013 04:37 PM

කෝ මේ බොදුබල සේනාව? (නි)

:       0       0

පෙරේරා Sunday, 30 June 2013 04:39 PM

මෙවැනි තැන්වල මෙවැනි දේවල් කරන්නේ එසේ මෙසේ හොරු නොවන බව මුළු ලංකාවම දන්නවා. (නි)

:       0       0

ගයන් Sunday, 30 June 2013 05:02 PM

බල සේනාව නිදිද? මේවට නේද කෑගහන්න ඕනේ.(නදී)

:       0       0

සත්‍යා Sunday, 30 June 2013 05:19 PM

හැබෑටම කෝ බොදු බල සේනාව ? අනේ එයාලට මේවා පෙන්නේ නැ වගේ. වටලන්න විදිහක් නෑ වගේ. සේනාව කෙසේ වෙතත් එක සෙබලෙක්ටවත් පේන්නේ නැද්ද?(නදී)

:       0       0

මහසෝනා Monday, 01 July 2013 05:05 AM

අනේ අනේ කට්ටියක් නිදන් හොයනවා, ඒ හොයන්න කරලා තිබෙන විනාසේ දැක්කම කට්ටියක් බොදු බල සේනාව හොයනවා. සමහර අයට දැන් හීනෙනුත් පෙනෙන්නේ බොදු බල සේනාව. හීනෙනුත් කෑ ගැහෙනවා සේනාව කෝ කියලා. වැසිකිලි යන්නත් මේ අයට දැන් සේනාව ඕනෑ වෙලා වගේ. හැම එකටම බොදුබල සේනාව එනකම් හිටියොත් රටක් ඉතුරුවෙන්නේ නැහැ. ඔවුන්ගේ කර්තව්‍ය එසේ සිදුවෙද්දී සිංහලයෝ නිදාගෙන ඉන්නවා මර නින්දේ. "ඇස් ගෙඩි දෙකට හෙන වැදිලද සිහලුන්නේ" !!!!!! (නි)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 01 July 2013 05:21 AM

උපාලි , අද අපේ දේවල් අපිටම පරෙස්සම් කරගන්න වෙලා තියෙන්නේ , ඒ නිසා බැරිද ඔය පැත්තෙන් ආරක්ෂක බල ඇණියක් හදලා මේවා පරෙස්සම් කරන්න දායක වෙන්න (නි)

:       0       0

ප්‍රේම කුමාර Monday, 01 July 2013 06:31 AM

රටේ නායකයන්ට මේවා පෙන්නේ නැද්ද?. එයාල ගනං ගන්නේ නැද්ද, ඒක ප්‍රශ්නයක්.(නදී)

:       0       0

අස්මිත් Monday, 01 July 2013 08:58 AM

දැන් නිදන් හාරන කට්ටිය වැහි වැහැලා. එක පැත්තකින් රාජ්‍ය අනුග්‍රහයෙන් හාරනවා. තව පැත්තකින් හොරට හාරනවා. ඓතිහාසික නිදන් වස්තු අපිට ඉදිරියේදී නැත්තට නැතිවෙයිද?(නදී)

:       0       0

චන්ද්‍රා u s a Sunday, 30 June 2013 08:06 PM

අපේ පුරා විද්‍යාවව තියෙන්නේ හාරුවට පස්සෙයි මෙන්න හාරලා , කියන්නද? අනේ මුන්ට පඩිත් ගෙවනවානේ (අ)

:       0       0

සෙන්සා Monday, 01 July 2013 09:01 AM

බල පත්‍රලාභී හොරු.(නදී)

:       0       0

මිනීපෙ Sunday, 30 June 2013 09:00 PM

ඔය නිදන් වස්තු කතාව මිත්‍යාවක්. රටක් පාලනය කරපු රජවරුන්, තම වස්තු පොලව යට හංගන්න තරම් නිවටයෝ නොවේ.(නදී)

:       0       0

අප්පුහාමි Sunday, 30 June 2013 09:21 PM

ලංකාවේ දැන් ගොඩක් සංවිදාන තියනවා නමුත් ඒ තිබුනට උද්ඝෝෂන කරන්නේ මෙලොව රහක් නැති දේවල්වලට. අවශ්‍ය දේට කිසිම කෙනෙක් කතාකරන්න නැහැ ඔහොම යන්. අපිටත් හරක් වගේ බලා ඉන්න තමා වෙලා තියෙන්නේ?(නදී)

:       0       0

පොළොන්නරුවේ උපාලි Sunday, 30 June 2013 09:22 PM

මෙහි කිසිම ආරක්ෂාවක් නැහැ. රාත්‍රී කාලයට ඉතාමත් අන්දකාරයි. ඕන හොරෙකුට ඕනෙම දෙයක් කරන්න පුළුවන්, ලඟදි නෙලුම් පොකුණත් හෑරුවා. මේ වගේ පුරා විද්‍යා එකක් තිබුනොත් තව ටික කලකින් පුර විද්‍යා ස්ථාන අපිට අහිමි වෙලා යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site