කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනකු ඝාතනය කළ බව තමන්ට මතක නැතැයි ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටින සැරයන් රොබට් බේල්ස් පවසා ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජෝන් බ‍්‍රවුන් පවසයි. නීතීඥවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ අදහස් පළ කරමින්ය. -‘‘එම ඝාතන සිද්ධිය ගැන ඔහුට කිසිවක් මතක නැහැ. ඊට පෙර සිදුවූ සිදුවීම්ද ඔහුට මතක නැහැ. ඔහු හමුදාවට බාර වී ඇත්තේ ඔහු අතින් කිසියම් වරදක් සිදුවූ බව ඉවෙන් මෙන් වැටහීමෙනුයි” යැයි නීතීඥ ජෝන් බ‍්‍රවුන් පවසයි. හමුදා සැරයන් රොබට් බේල්ස් මේ වනවිට ඇමෙරිකාවේ කැන්සාස් ප‍්‍රාන්තයේ ලෙවෙන්වෝත් හමුදා කඳවුරේ රඳවා තබා ඇති අතර නීතීඥවරයාට ඔහු හමුවී ඇත්තේ ද එහිදීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් වැසියන් ඝාතනය කළ බව ඇමෙරිකන් සෙබළාට මතක නැතිලූ