IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෙවිලි තහඩු ලොරියකින් ඉවත් කරමින් සිටියදී වැටී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ සෙවිලි තහඩු තොගයක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු  ඉන් බිමට වැටී අද (28) දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි  අතුරුගිරිය පොලීසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර හෝකන්දර උතුර පදිංචි එච්. ගුණපාල නමැති (63) හැවිරිදි  ලොරි රථ සහායකයකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා (28)  දා  සවස 3 පමණ , අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි හාඩ්වෙයාර් ආයතනයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු  තොගයක් ඉවත් කරමින් සිට තිබේ .

එම සෙවිලි තහඩු තොගය  හාඩ්වෙයාර් ආයතයේ ස්ථාන දෙකක  ගබඩා කිරීමට නියමිතව තිබූ  අතර ඉන් එක් ස්ථානයක කොටසක් ගබඩාකොට ඉතිරි කොටස තවත් ස්ථානයකට ගබඩා කිරීම සඳහා ලොරි රථය පසුපසට ධාවනය කරමින් තිබියදී ලොරි රථයේ තට්ටුව මත රැඳී සිටි සහායකයා එක්වරම ඉන් බිමට වැටී  අනතුරකට ලක්ව තිබේ.

පසුව මේ බව දුටු හාඩිවෙයාර් ආයතයේ රැඳී සිටි පුද්ගලයින් පැමිණ අනතුරට ලක්ව සිටි පුද්ගලයා  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික  රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂාකළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ  ඔහු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව මියගිය  ගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (01) දා සිදුකිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිස්ටෝපර් මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති .



අදහස් (0)

සෙවිලි තහඩු ලොරියකින් ඉවත් කරමින් සිටියදී වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site