(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන සිවුරු දැරූ පුද්ගලයකු ඇතුළු 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ අපරාධ කොට්ඨාස මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එහිදී ගාල්ල හල්මිල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය වාසය කරමින් සිටි අවුරුදු 43 ක සිවුරු දැරූ පුද්ගලයෙක්, බලපිටිය ප්‍රදේශයේ අවුරුදු 49 ක් වන පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක්, ගම්පහ කොටුගොඩ ප්‍රදේශයේ අවුරුදු 31 ක පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් සහ සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බස්නාහිර පළාත් උතුර, බස්නාහිර පළාත් දකුණ, ගාල්ල සහ කළුතර යන අපරාධ කොට්ඨාස මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම සැකකරුවන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවුරු දැරූ අයෙක් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයෝ 6ක් දැලේ