IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ස්වාධින සිසුන්ගෙන් මහ සංගමේට බැට

රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත ක්‍රියා කරතියි එහි ස්වාධීන ශිෂ්‍ය එකමුතුවේ ලේකම් හසිත ඒකනායක මාධ්‍ය හමුවක් පවත්වමින් අද (03) පැවසීය.

අතළොස්සක් වන සිසුන් පිරිසක් හා හාරදහස් පන්සීයක් වන සිසුන්ගේ අනාගතය අඳුරු කිරීමට සැරසෙතියි ද ඔහු කීවේය.

ශිෂ්‍ය සංගමයේ මැරයින් කිහිප දෙනකුට අහිංසක සිසුන්  ගොදුරු කැර ගැනීමට නොදෙන ලෙසද ඔහු ඉල්ලයි.

 



අදහස් (0)

ස්වාධින සිසුන්ගෙන් මහ සංගමේට බැට

සදුනි Thursday, 03 July 2014 05:45 PM

සහතික ඇත්ත. ඔය දේ තියෙන්නේ දිගු කාලයක සිටයි (නි)

:       0       0

සඳුන් පෙරේරා Friday, 04 July 2014 01:34 PM

නුවන්, ස්වාධීන කියන අයට ඉදිරියට එන්න පුළුවන් ඒ අය බලවත් නිසාමයි. එහෙම නැත්නම් අනෙක් අයගේ බලයට යටත්වී නිහඬව ඉන්න වෙනවා. එහෙම ප්‍රබල කණ්ඩායම් දෙකක් ඉන්නකොට ගැටුම් ඇති වෙනවා. එක තමයි පෙනෙන්නේ ස්වාධීන කණ්ඩායම් භයානක විදියට. (ස)

:       0       0

ගුණසිරි Friday, 04 July 2014 07:14 AM

මොකක්ද මේ වෙන‍්නේ? (නි)

:       0       0

උදිත් Friday, 04 July 2014 07:35 AM

අපි ඉතින් මොනවා කියලා කරන්නද? (නි)

:       0       0

තේනුවර Sunday, 06 July 2014 08:18 PM

ස්වාධින කියන්නේ ආණ්ඩුව මෙහෙයවන එක (නදී)

:       0       0

හසිත ඒකනායක Sunday, 06 July 2014 08:22 PM

අප පසු පස ඇති එකම බලය සත්‍යයම පමණයි. තවද ම.ශි.ස හා අන්තරය එක්ව සරසවිය විනාශ කොට ඔවුන්ගේ දේශපාලන වුවමනා සඳහා සිසුන් බිළි දීමට දරන්නාවූ නින්දිත උත්සාහය ව්‍යර්ථ කිරීම උදෙසාම අප පෙළ ගැසුනෙමු. අප පෙරට ඒමට හේතු වූයේ සරසවි සිසුන් , මහ ජනතාව මුලා කරමින් අන්තරයේ මැරයින් ගෙන යන වැඩ පිළිවෙලමය (නදී)

:       0       0

හසිත ඒකනායක Sunday, 06 July 2014 08:44 PM

අප ආණ්ඩුවට හෝ පරිපාලනයට කඩේ යන්නේ නැත. අප කඩේ යනුයේ බහුතර ශිෂ්‍යයන්ගේ ස්වාධීන අයිතියටය. පන්ති තහනම් 28 ක් ඇතැයි කියන ම.ශි.ස ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා කලාපය නිසා 981 වි.වි පනත යටතේ 12 දෙනෙකුගේ පන්ති තහනම් වන තැනට කටයුතු කර ඇත. එනම් තහනම් 28 කතාව අමූලික බොරුය. රටේ හතරවැනි පුරවැසියා හිරගත කොට දඬු, මුගුරු පොලු ගෙන වියරුවෙන් හැසිරුණේ ම.ශි.සයේ සිසුන් කියා ගන්නා මැරයින් 30 40 කගේ වුවමනාවටය. ඔවුනගේ ක්‍රියා හේතුවෙන් සමස්ත සරසවි සිසුන් 4500 කගේ අයිතිය ඔවුන් විසින්ම සොරකම් කර තිබේ. ඒ නිසා අප ආණ්ඩුවේ යැයි ප්‍රකාශ කරන්නට පෙර වසන් කරනු ලැබ ඇති සත්‍යය සොයා යා යුතුය. (නදී)

:       0       0

අමර Friday, 04 July 2014 08:52 AM

මොනවද මේ අධ්‍යාපනයට වෙන්නේ? (නි)

:       0       0

නුවන් Thursday, 03 July 2014 08:38 PM

ස්වාදීන කියන අය හරිම භයානකයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site