IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිවකුමාර් නඩේසන්ට භාරතයෙන් සම්මානයක්

(යොහාන් භාසුර)

එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සිවකුමාර් නඩේසන් මහතා මෙම වසරේ (2023) ප්‍රවාසි භාරතීය සම්මානය සඳහා ඉන්දියානු රජය තෝරාගෙන ගෙන තිබේ.

ප්‍රවාසි භාරතීය සම්මානය ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයන් වෙත ඉන්දීය රජය පිරිනමන ඉහළම සම්මානය වේ.

ඉන්දෝර්හිදී මේ මස 8 සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන 17 වැනි ප්‍රවාසි භාරතීය දිවාස් සමුළුවේදී ඉන්දියානු ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය අතින්  සිවකුමාර් නඩේසන් මහතා ලබාගැනීමට නියමිතය.

ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතාගේ සභාපතීත්වයෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ උප සභාපතිත්වයෙන් යුත් සම්මාන කමිටුව සිවකුමාර් නඩේසන් මහතා මෙම සම්මානය සඳහා තෝරා ගත් අතර ඉන්දියානු ඩයස්පෝරා සාමාජිකයන් ලොව පුරා විවිධ ක්ෂේත්‍රයන්හි ළඟා කරගත් විශිෂ්ටත්වය අගයමින් ප්‍රවාසි භාරතීය දිවාස් සම්මානය පිරිනැමේ.

ප්‍රජා සුබසාධනය සඳහා නඩේසන් මහතාගේ දායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනමන අතර ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවගේ ගෝලීය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපතිවරයා ද වන නඩේසන් මහතා ප්‍රජා සුබසිද්ධිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරයි.

‘කොවිඩ්’ වසංගත සමයේදී ශ්‍රී ලංකාව තුළ අතරමංව සිටි ඉන්දීය ජනතාවට සහයෝගය ලබාදීම සඳහා අරමුදල් රැස් කිරීමේ කාර්ය ද ඒ මහතා ආරම්භ කළ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සක්‍රීයව කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම් සඳහා ඉන්දියානු කලාකරුවන් රැසකට ආරාධනා කිරීමේදී පුරෝගාමීව කටයුතු කළ ඒ මහතා ශ්‍රී  ලංකාවේ කර්ණාටක සංගීතය වැනි සම්භාව්‍ය සහ සාම්ප්‍රදායික ක්ෂේත්‍රයන්ට අදාළ විවිධ වැඩසටහන් සඳහා ද ඒ මහතා සහයෝගය දුන්නේය.

ඒ මහතා විවිධ ප්‍රවාසි භාරතීය දිවාස් සමුළු අමතා ඇති අතර 2019 කුම්භ මේලා උත්සවයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද ආරාධනා ලැබීය.

මෙම සම්මානය හිමි කරගන්නා දෙවන ශ්‍රී ලාංකික පුරවැසියා සිවකුමාර් නඩේසන් මහතා වන අතර 2011 වසරේදී මනෝ සෙල්වනාදන් මහතා ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා දුන් අනගි දායකත්වය වෙනුවෙන් ප්‍රවාසි භාරතීය දිවාස් සම්මානයෙන් පිදුම් ලැබීය.



අදහස් (0)

සිවකුමාර් නඩේසන්ට භාරතයෙන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site