IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සල්ලි නෝට්ටු කතාවකට නාමල් අජිත් හැප්පෙති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම  නියෝජ්‍ය අමාත්‍ය   නාමල් කරුණාරත්න සහ  සමගි  ජන බලවේගයේ මන්ත්‍රී  නීතිඥ අජිත් පී  පෙරේරා මහත්වරුන් අතර හටගත් වාදයක් හේතුවෙන්  පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්   ඇතිවිය.

මෙම උණුසුම් වාදය ඇතිවූයේ විපක්ෂ නායකවරයාගේ නැගණිය  ව්‍යාජ මුදල් නෝට්ටු බැංකුවට රැගෙන යෑමක් ගැන   චෝදනාවක්  එල්ලවූ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය  නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

ඇයට විරුද්ධව එහෙම චෝදනාවක් ආ බවත් ප්‍රේමදාස මහතාගේ දියණිය නිසා  තමා ඇය බේරාගත්තේ යැයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එ් අවස්ථාවේදී  ප්‍රකාශ කළ බවත් කරුණාරත්න මහතා පැවසීය

නීතිඥ අජිත් පී පෙරේරා මහතා:

විපක්ෂ නායකවරයාගේ සහෝදරිය වින්දිතයා. ඇයට කෙනෙකු  වරදක් කරලා අහුවෙනවා. දැන් ඒ පුද්ගලයාට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරලා හිරේ යවලා ඉන්නේ. එ් සිද්ධියට විපක්ෂ නායකවරයාගේ නැගණියට වන්දිත් ගෙව්වා. ඔබතුමාලා ඇමතිලා. මේ වගේ කැත කතා කියන්න එපා. අන්තිම නින්දිතයි

නාමල් කරුණාරත්න මහතා:

චෝදනාවක් තිබුණා කියලා කිව්වේ. ප්‍රේමදාස මහත්තයගේ දුව නිසා ඇය බේරගත්තා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා එදා එයාගේ කටින්ම කියනවා. එහෙම කතාවක් තිබුණා. ඒක ප්‍රසිද්ධ කාරණයක්.



අදහස් (0)

සල්ලි නෝට්ටු කතාවකට නාමල් අජිත් හැප්පෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site