IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සල්ලිවලට ගිය කලක්

රුපියල් හැටපන් ලක්ෂ හතලිස් හතර දාස් හාරසිය හැට දෙකක් වටිනා ර‍ට සල්ලි තොගයක් ගමන් මල්ලේ පතුලේ රැලි අතර සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කොළඹ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. 

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර ඇමරිකානු  ඩොලර් 29,000 ක්,   යූරෝ  7850 ක්, සෞදි රියාල් 32,500 ක්, සෞදි අරාබි  ඩිනාර් 4,500 ක් සහ කැනේඩියානු ඩොලර් 1750 ක් තිබු බවයි.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන්යානයෙන් සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන  නිමල් තිලක, දුමින්ද වීරක්කොඩි සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, එම්.කේ උදය ගාමිණී  සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදු කරති.

1-(11) 4-(8)

 



අදහස් (0)

සල්ලිවලට ගිය කලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site