IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සල්පිලේ පලතුරු වට්ටියට ලක්ෂ 16ක්

(සිසිර අබේකෝන්)

අලව්ව ශක්ති ත්‍රිරෝද රථ සංගමය පසුගිය 21 දා අලව්ව නගරයේ දී සංවිධානය කළ සල්පිල් වෙන්දේසියේ දී පලතුරු වට්ටියක් රුපියල් දාසය ලක්ෂ පන්දාහක මුදලකට වෙන්දේසි වූ බව ශක්ති ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් එච්.ඒ.අනුර හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

ත්‍රිරෝද රථ සංගමයෙහි සාමාජියන් 123 දෙනකු සිටින බවත්, ඔවුන්ගේ උනන්දුව හා උත්සාහය මත මෙවැනි ආධාර උපකාර වලින් සමාජ සත්කාර වැඩසටහන් රැසක් ඉටුකර ඇති බවත් ඔහු කීය.

සල්පිල් වෙන්දේසියෙන් උපයාගත් මුදලින් ප්‍රදේශයේ දුෂ්කර පාසල් දරුවන්ගේ අවශ්‍යතා අනුව පාසල් උපකරණ ඇතුළු වෙනත් පහසුකම් ලබා දීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීය.

විරුදු ශිල්පි අලව්ව චමින්ද කුමාර මහතා මෙම සල්පිල් වෙන්දේසිය මෙහෙයවූ අතර සත්සරණී නාට්‍ය කලා සංගමය නර්ථන රැසක් ඉදිරිපත් කළේය.

 



අදහස් (3)

සල්පිලේ පලතුරු වට්ටියට ලක්ෂ 16ක්

maalaka Friday, 24 October 2025 06:08 AM

කලු සල්ලිද?

:       0       0

MDO Friday, 24 October 2025 07:56 AM

මෙහෙව් ගොබ්බ ජනතාවකගේ ඡන්දයෙන් තමයි මේ රට පාලනය වන්නේ කියන ඵක අමතක නොකර සියලු රටවැසියන් මෛත්‍රීයෙන් ඉවසීමෙන් තම එදිනෙදා කටයුතු යහපත් ලෙස කරගෙන යන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!

:       1       1

ලොක්ක Friday, 24 October 2025 01:32 PM

පිංකමේදී මෙම මුදල පලතුරු වට්ටියකට දෙන්න පුලුවන් ධනවතෙක් සිටීම ගැන සතුටුයි... ඒත් තරහ ගන්න කාරියක් නැහැ. මේ ධනවතාට මුදල් ලැබෙන්නේ ව්‍යාපාර කටයුතු වලින්ද කියලා හොයලා බැලුවා නම් හොදයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site