රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සෞදි අරාබියට ගොස්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය.
යුක්රේන ජනාධිබතිවරයා සෞදියේ රියාද් නුවර ‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ විශේෂ යුක්රේන ගුවන් යානයකිනි. ගමනට අනුග්‍රහය දැක්වූයේ බටහිර රටවල් බව ද පැවැසෙයි.
‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි යුක්රේන ජනාපධිපතිවරයාට සෞදි රජයෙන් උණුසුම් පිලිගැනීමක් හිමිවිය. රියාද් නියෝජ්‍ය ආණ්ඩුකාර මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් අබ්දුල්ලාසි කුමරු ප්‍රමුඛ සේදි රජයේ විශේෂ නියෝජිතයෝ රැසක් යුක්රේන ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
සෞදිය සහ රුසියාව අතරේ සමීප මිතුදම් පවතී. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතරේ ද සමීප හිතවත්කම් පවතී.
රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියා මාර්ගය අවසන් කිරීමට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් පියවර ගත යුතු බවත්, රුසියන් හමුදා අත්අඩංගුවේ සිටින යුක්රේන යුද සිරකරුවන් නිදහස් කළ යුතු බවත් යුක්රේන ජනාපධිතිවරයා සෞදි කුමරු හමුවේ පැවැසුවේය.
යුද්ධය අවසන් කිරීමට රුසියාව මෙන්ම යුක්රේනය ද අවස්ථා ගණනාවකදී සාම සැලැසුම් යෝජනා කර ඇති නමුත්, එම සාම සැලැසුම්වල ඇති කොන්දේසි පිළිගැනීම දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර නැත.
යුක්රේන ජනාපධිතිවරයා යුක්රේනයේ සාම සැලැස්ම පිළිබඳව සෞදි කුමරු දැනුවත් කළේ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සෞදිය මැදහත් වන්නේ නම් ඒ ගැන තමන් සතුටු වවන බව ද සෙලෙන්ස්කී, සල්මාන් කුමරුන්ට පවසා ඇත.
සෞදි අරාබිය, යුක්රේනයට වඩා සමීප මිතුදම් පවත්වන්නේ රුසියාව සමඟය. එසේ වුවත් රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, සාම වැඩපිළිවෙළක් සඳහා දෙපාර්ශ්වය කැමැති කර ගැනීමට තමන් සූදානම් යැයි සෞදිය අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබුණි.
( ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෙලෙන්ස්කී සෞදියේ