ශ්රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ ‘සියැට් - ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැුලියේ (දිවා/රාත‍්‍රී) සමස්ත ශූරතාව දිනා ගැනීමට ප‍්‍රවීණ රැළි ධාවන ශූර සමින් අත්තනායක සහ සහයක රියැදුරු රහල් උලූවිට සමත්වුහ.
සමීන් අත්තනායක වසර 15 ක පමණ මෝටර් රථ රැලි ධාවනයේ අත්දැකීම් තිබෙන රියැදුරෙකි. යං සදර්න් මෝටර් රථ ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන රහල් උලූවිට පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදී සදර්න් මෝසම් රැලියේ ශූරතාව දිනාගත් ධාවකයාය.
රැලියේදී සදර්න් මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ සදර්න් වයිබ්ස් පිල දස්කම් දැක්වීය. වර්ණ ආරියදාස සහ නාලක ගුණවර්ධන (සහායක) අනුශූරතාව හිමිකර ගත් අතර නොයෙල් රොද්‍රිගෝ සහ ඇන්ඩි‍්‍රස් ක්ලෝස් (සහයක) තෙවැනි ස්ථානය ලැබුහ.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිටින් ඇරැඹි රැලිය අදියර හතරකින් ක‍්‍රියාත්මක විය. ප‍්‍රවීණ රැලි ධාවන ශූර අෂ්හාර් හමීම් සහ රියැදුරු සහයක රෂ්මින් රාසික් අදියර දෙකක්ම ජය ගැනීමට සමත්වුහ. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා වු පළමු අදියර සහ ඇඹිලිපිටිය සිට බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියර ද හමීම් සහ රෂ්මින් ජය ලැබුහ.
තුන්වැනි සහ සිවුවැනි අදියර දෙකේම රැලි මාපකයේ සහ වාහනයේ වේග මාපකයේ දෝෂ ඇතිවීම හේතුවෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකිව තිබූ ජයක් හමීම් සහ රෂ්මින් වෙතින් ගිළිහී ගියහ.
තරගාවලියේ තුන්වැනි අදියර බණ්ඩාරවෙලින් ආරම්භ කරන්නට ටික වේලාවට පෙරම අපට පෙනී ගියා රැුලි මාපකයේ සහ වේග මාපකයේ දෝෂ තිබුණ බව. අපේ තාක්‍ෂණික සහයකයන් දැඩි උත්සාහයක් ගත්තත් එය හදාගන්න බැරි වුණා”
තුන්වැනි අදියර ආරම්භ කරන්න විනාඩි 10 තිබුණේ. අවසානයේදී රැලි මාපකය නොමැතිව හෝ, හැකි ආකාරයෙන් තරගයට ඉදිරිපත් වෙන්න අප තීරණය කළා” යයිද හමීම් පැවසීය.
රැලි මාපකයක් නොතිබීම නිසා උපක‍්‍රමයක් වශයෙන් වෙනත් තරග කරුවකු පසුපස යාමට උත්සාහ ගැනීමත්, පසුව වෙනත් තරගකරුවකු අනතුරකට මුහුණ දීම නිසා තරගය පැයක පමණ කාලයකට අත්හිටුවීමත් නිසා අවාසි රැසකට මුහුණ දෙමින් තරගය අවසන් කළ නමුත් තරගය අවසන් වන විට ඔවුන්ට හිමිවූයේ 9 වැනි ස්ථානයයි.
ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම මෝටර් රථ රැුළිය වන ‘ස්ලාඩාර් 1000’ කිලෝ මීටර 1000 ක දුරකින් යුක්තයි. මෙම රැලියට දිවයිනේ නමගිය මෝටර් රථ ධාවකයෝ 26 දෙනෙක් (සහායකත් සමග) සහභාගිවුහ. අවසන් වරට මෙම රැලිය පැවැති 2007 වසරේදී ශූරයා වූයේ අෂ්හාර් හමීම්ය.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
873
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ස්ලාඩාර්’ 1000 මෝටර් රථ රැලියේ ශූරයා සමින්
අජිත් Monday, 26 November 2012 10:44 AM
ලාභයි ලිභයි.....රේසින් කාර් (ස)