(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියගේ රාජගිරියේ කලපළුවාව ජය මාවතේ දෙමහල් නිවසට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට පෙරද අපරාධ කිහිපයකට සම්බන්ධ දෙදෙනකු බව පොලිසිය කියයි.
එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ මුතු මැණික් රන් ආභරණ ,ඉස්තරම් වර්ගයේ පිගන් භාණ්ඩ, ඇමරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද අධික මුදලකට මිලදී ගත් බව කියන දියමන්ති ගල් අල්ලන ලද රන් පෙන්ඩනයක් , ජපානයෙන් ඉතා අධික මුදලකට මිලදී ගත් බව කියන පෘථිවියේ නොමැති ගෙන වෙනත් ග්‍රහලෝකයකට අයත් පාෂාණ විශේෂයක් පොලිස් භාරයට ගෙන ඇත.
සහකාර ලේකම්වරිය ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර එමඟින් නිසි විමර්ශනයක් සිදු නොවූ බව පවසමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත යොමුකර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස:ලේකම්වරියගේ නිවෙසින් කෝටි තුනක බඩු උස්සලා
Ahmed (Gulf) Tuesday, 15 August 2023 11:56 PM
පොලිසියට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව රජයේ සේවකයකුගේ ධනය, බදු ගුවන් සේවා සඳහා විමර්ශනය කළ යුතුද?
මරිසිපාල Wednesday, 16 August 2023 04:01 AM
අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් කියලවත් පොලිසිය වැඩ කකරන්නෙ නැත්නම් අනෙක් අයගැන කවර කතාද ඇත්තටම සහකාර ලේකම් වෙලත් වෙනත් ලෝකෙක පාෂාණ ගෙනාවා නම් පහුවෙනකොට හිතාගන්නත් බැහැ
don Wednesday, 16 August 2023 07:08 AM
ආදායම් වත්කම් ප්‍රකශන වල එහෙම සදහන් වෙලා තියෙනවද මෙව. මෙව ලංකාවට ගෙදදි බදු ගෙවල තියෙනවද ...මෙ ටිකේ වටිනාකම කොටි 3 ක් නම් ඔක්කොම වත්කම් කොහොම ඇතිද?
පැරකුම්Wednesday, 16 August 2023 11:59 AM
ඔච්චර විතරක් නෙවෙයි අන්න සම්පූර්ණ බඩු ලැයිස්තුව පොලීසියේ තියනවා... අයථා මුදල් ඉපයීම යටතේ මේ කාන්තාව වහාම අත් අඩංගුවට ගත යුතුයි.
indika Wednesday, 16 August 2023 07:34 AM
සහකාර ලේකම්වරිය ගාව මෙහෙම නම්, උඩ ඉන්න කාලකන්ණි ගාව කොහොම ඇතිද?
පැරකුම් Wednesday, 16 August 2023 07:37 AM
සහකාර ලේකම්ගෙ ඔහොම නම් අනිත් අයගෙ කොමට ඇත්දැයි සිතාගත හැක.
Lalla Wednesday, 16 August 2023 08:37 AM
ප්‍රශ්නයක්... රාජ්‍ය පරිපාලන සේවය මේ තරමට දේවල් මිලට ගත හැකි වැටුපක් ගෙවනවද? නැතිව අනීතික ආදායම් මාර්ගද? ලබපු ආදායමට බදු ගෙවලද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇස් අරින්න ඕන......
පැරකුම්Wednesday, 16 August 2023 11:43 AM
වැඩක් නෑ ලල්ලා. අපේ අතින් පොඩි දෙයක් වුණත් ඔවුන් අපට එලව එලවා ගහනවා මම කාර් එකක් ගත්තු වෙලාවේ ඔවුන් මට දීපු වද හිංසා කියලා වැඩක් නෑ.
කිරිපුතා Wednesday, 16 August 2023 09:20 AM
සහකාර ලේකම් වරියගේ වත් කම් මෙසේ නම් ලේකම් වරිය සහ ඇමති කොහොම හම්බ කරලා ඇද්ද ?
HELAYA Wednesday, 16 August 2023 02:54 PM
ඩේසි ආච්චිගේ මැණික් මල්ලත් මේ ගොඩේ තියෙනවද දන්නේ නැහැ...