(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
බීමත්ව රිය පදවා තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී යතුරු පැදියක සහ කාර්රථයක ගැටීමෙන් රිය අනතුරුක් කළ බව කියන විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිසි අධිකාරීවරයකු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අද (01) සවස සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පදවන ලද මෝටර් රථය පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ තුන්මුල්ල මංසන්දිය දෙසට ධාවනය කිරීමේදී රාජකීය විදුහල ආසන්නයෙය් පිහිටි පදික මාරූව අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටී ඇතැයි පොලිසියය කියයි.
යතුරු පැදියේ ගැටුණු කාර් රථය නොනවත්වා තුන්මුල්ල මංසන්දිය දෙසට ගමන් කිරීමේදී තවත් මෝටර් රථයකද ගැටී අතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් කීය.
අනතුර සිදුකළ මෝටර් රථය පදවාගෙන ගිය විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා බීමත්ව සිටි බවට පරීක්‍ෂණ වලින් තහවුරු වු පසු බීමත්ව රිය පදවා අනතුරු දෙකක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීයකු කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර් වී රිය අනතුරු කළ විශ්‍රාමික පොලිස් ලොක්කෙකු අත්අඩංගුවට
Prabha Friday, 01 March 2024 10:58 PM
එයාට නමක් නැද්ද?