IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සැර කොරෝනාව තවත් ප්‍රදේශ හතරකින්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ලෝකයේ වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ හතරකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

එම ප්‍රදේශවලින් ලබාගත් ජෛව පටල සාම්පල හැට හතක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් 60 කම මෙම සැර කොරෝනා අනු ප්‍රභේදය තිබි හමුවූ බවද හෙතෙම සඳහන් කළේය.

අනෙකුත් ඔමික්‍රෝන් අනු ප්‍රභේද අනෙක් සාම්පල හතේ තිබී සොයාගත් බවද හෙතෙම සඳහන් කළේය.

මෙසේ පරීක්ෂාවට ලක් කර ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පලයන්ය.

වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය ප්‍රදේශ කිහිපයකින් මීට පෙරද සොයා ගැනිණ.

සෞඛ්‍ය අංශ විසින් බාරදෙනු ලැබූ මෙම ජෛව පටල සාම්පල සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණ කරනු ලැබුවේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසිනි.

 



අදහස් (0)

සැර කොරෝනාව තවත් ප්‍රදේශ හතරකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site