
(ගයාන් සූරියආරච්චි)
වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා තර්ජනය කළ බව කියන රියැදුරකු (2) දා අත්අඩංගුවට ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව, බලල්ල, අමුණුකොලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය විසින් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
සැකකරු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් එම සිසුවියගේ ෆේස්බුක් ගිණුමට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවා සැකකරු සමග ලිංගිකව එක්වන ලෙසත් එසේ නොකළ හොත් එම සියලු ඡායරූප සහ වීඩියෝ දර්ශන ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසුවියට නිරුවත් රූප යැවූ රියැදුරා මාට්ටු
sugath Thursday, 03 July 2025 07:55 PM
තමන්ගේ ෆේස් බුක් ගිණුමට තව කෙනෙකුට ඇතුල් විය හැක්කේ තමන්ගේ අවසරය ඇත්නම් පමණයි. ඇයි මේ තරුණිය තමන් නොදන්නා කෙනෙකුට තමන්ගේ ෆේස් බුක් ගිණුමට ඇතුල්වීමට ඉඩ දුන්නේ?
Perakum Friday, 04 July 2025 09:45 AM
මෙහෙම දෙයක් නිකම්ම වෙන්න බැහැ නේ. මෙයාගෙන් ලොකු වැරැද්දක් වෙලා ඇති. දැන් නිකං පත්තිනි අම්ම වෙන්න හදනව.