(සුජිත් හේවාජුලිගේ )
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
මේ අතර ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 2020 සිට ලැබිය යුතු පාඨමාලා ගාස්තු රුපියල් අසූ අට දහසක් අය කරගෙන නැතැයිද එහි දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල කියන්නේ තවත් එක හොර ගුහාවක්. ලක්ෂ ගත්තාට ඕකේ ඉන්න ඇදුරන්ගෙන් කොටසක් ඉන්නේ කුමන හෝ දේශපාලන වේදිකාවල. තව කොටසක් ඉගැන්වීම පැත්තක තියලා business හෝ tuition කරනවා. වැඩිදුර අධ්‍යාපන හෝ sabbatical නිවාඩු අරගෙන කරන්නෙත් business. කිසිම රජයකට කොන්දක් නැහැ මේවාට හරි හැටි ක්‍රියාකරන්න. අවංකව වැඩ කරන වි.වි ආචාර්යවරු හෝ අනධ්‍යන සේවකයින් ඉන්නවා නම් ඒ 0.000001 විතර තමයි...
අනුරගේ ආණ්ඩුව තිබ්බා නම් අවුරුදු 50කට හිරේ දායි නේද?
රටේ දුප්පත්කම විකුණාගෙන කන හොර උගත්තු, පාහරයෝ. අදාල වෘත්තීය සමිතිවල නායකයින්ට මේවා නොපෙනුණාට රටටම පේනවා. ශාපය හත්මුතු පරපුරටම අදාල වෙනවා.