IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සරසවි ආචාර්යවරු තව 1000 ක් වත් ඕනෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය වරුන් 12, 992 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ  ආචාර්යවරුන් 6548 දෙනකු පමණක් බවත් සරසවි යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා  අවම වශයෙන් ආචාර්යවරුන් දහසක්වත් කඩිනමින් බඳවා ගත යුතු බවත්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ   විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රට හැර යෑම බරපතළ ගැටලුවක් බවත්  විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද හිඟයක් පවතින බවත්  ඔහු සඳහන් කළේය.

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවදානමකට  ලක්ව ඇති පසුබිමක සති දෙකක් ඇතුළත  කාර්ය සාධක බලකායක් පත් කර  ඒ සම්බන්ධ වාර්තාවක්  දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට  දැනුම් දුන්නේය.

මේ අතර සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීම සඳහා චීන ජාතික පුර විශ්ව විශ්වවිද්‍යාලය පිළියෙල කළ ජාතික උපායමාර්ගික උපායමාර්ගික සැලැස්ම එහි ප්‍රධානීහු කෝප් කමිටුවට ඉදිරිපත් කළහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙයෂ්ඨ  මහාචාර්ය එම්. පත්මලාල්  යන මහත්වරුන්  ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ සිටියහ

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය  නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට බාර දුන්නේ  කළමනාකරණය සදහා කීර්තිමත් නාමයක් අත්පත් කරගත් නිසා බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

එය  එම විශ්ව විද්‍යාලයට දුන් ගෞරවයක් ලෙස සැලකිය යුතු බවද  කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම කටයුත්ත සදහා කැපවූ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා  ප්‍රමුඛ පාලක මණ්ඩලයටත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, ජේ්‍යෂ්ඨ මහාචාර්ය දිසා බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමටත්  විශේෂ ස්තූතිය පුදකරන බව කමිටු සභාපතිවරයා සදහන් කළේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර,  ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  මධුර විතානගේ සහ  මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුද  සහභාගී වූහ.



අදහස් (3)

සරසවි ආචාර්යවරු තව 1000 ක් වත් ඕනෑ

Muthu Thursday, 24 August 2023 09:36 PM

මමත් කලක් සරසවි ඇදුරෙක් හැටියට වැඩ කරා. නමුත් යන්තම් සෙකන්ඩ් ක්ලාස් ගහපු ලියුමට පත්වීම් ගත්තු, දේශපාලු ගැත්තෝ ඉන්නේ අපිට උඩින්. උන් VC වටේ කැරකෙනවා. උන්ට දේශපාලන බලය තියෙනවා. VC උන්ව තියාගෙන ඉන්නේ එයාගේ වැඩ කරගන්න. බලනවා අයිසේ මගේ බිල්ඩින් එක තාම පාස් උනේ නෑනේ. අර ගැත්තෝ ටික කොළ ටිකත් අරගෙන දේශපාලුවා ගාවට ගිහින් වැඩේ කරලා දෙනවා. අපි VC හම්බ වෙන්න පෝලිමේ ඉන්න කොට අරුන් කෙලින්ම යනවා. මගේ වාහනේ වුණත් පාර්ක් කරන තැන වෙනස් කරන්න වුණා... ඔවුන් කෙනෙකුට එතැන දෙන්න. මට 1st ක්ලාස් එකක් තියෙනවා ඩිග්‍රියට. ඒ වගේම මට ACCA,ACA,CIMA,CMA,MBA(UK),HNDA, SAT හා CFA තියෙනවා. අර ප්‍රසිද්ධ GL කිව්වාම දන්නා කෙනාගෙන් මට හුඟක් කෙනෙහිලි වුණා. මොකද මම හුඟාක් අඩු වයසින් lecture කෙනෙක් වුනේ. ඉස්සර double promotion තිබුණු නිසා. අපිට වඩා senior හිටපු නලින්ටත් ඒ වගේ. පස්සේ මම අස්වෙලා WB ගියා CFO කෙනෙක් හැටියට. මට දැන් කලින් පඩිය වගේ 15 ගුණයක් විතර හම්බ වෙනවා. පිට රට ගිය උන් ගෙන්න ගන්න පුළුවන් මේ දේශපාලන සංකෘතිය academic වලින් අයින් කරා නම්....! 

:       1       6

vernonFriday, 25 August 2023 03:50 PM

කතාකරන විදිහෙන් තේරෙනවා ප්‍රශ්නේ මොකක්ද කියලා...!

:       0       0

Rajapaksala Friday, 25 August 2023 08:24 AM

උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් මේ රටට වැඩක් නැහැ... නූගත් අමනයින් හා මෝඩයින් තමයි බිහිකළ යුත්තේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site