IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සේරුවිලින් වරාය නගරයක් මතුවේ

සේරුවාවිල සිට කිලෝ මීටර හයක් පමණ ඈතින් පිටහි ඉලංකතුරෙයි කලපුව ආසන්යේ කැණීමකින් පැරණි වරාය නගරයක නටඹුන් හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ එවැනි වරායක් තිබූ බවට මෙරට වංශකතා සාධක ද නොමැති බවයි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් මාස එකහමාරක කාලයක සිට කරන ලද කැණීම් වලින් වරායක් ආශ්‍රිතව තිබූ මේ නගරය හමුවී ඇති අතර එහි නටඹුන් වර්ග කිලෝ මීටරයක පමණ ප්‍රදේශයක විසිරී ඇත.

පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානයෙන් හමුවන චීන, පර්සියන්, අරාබි හා ඉන්දියාවේ මැටි භාණ්ඩ කොටස් අනුව මේ වරාය පොළොන්නරු රාජධානියේ දී භාවිතා කරන ලද්දක් යැයි අනුමාන කළ හැකි බවයි. මේ ස්ථානයේ තිබී පබළු කිහිපයක් ද හමුවී ඇත. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට දකුණින් විශාලත ම තඹ නිධිය හමුවන්නේ සේරුවාවිල ආසන්නයෙනි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා පවසන්නේ මේ වරාය නගරයෙන් ද තඹ කොටස් හා තඹ උඳුන් හමුවන බැවින් අළුතෙන් සොයාගත් වරාය ආශ්‍රිතව තඹ හා තඹ භාණ්ඩ අපනයනය බහුලව සිදුවන්නට ඇති බවයි.

දැනට කරනලද කැණීම් වලින් සෙල්ලිපි කිහිපයක් ද හමුවී ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීමෙන් පසු වරාය නිශ්චිතව හඳුනාගත හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.

seruwavila (1)  seruwavila (3) seruwavila (4) seruwavila (5)

seruwavila (2)



අදහස් (0)

සේරුවිලින් වරාය නගරයක් මතුවේ

අම්පාරේ දුමිත Friday, 12 September 2014 02:13 PM

තවත් වැදගත් සංස්කෘතික අනාවරණයක් (නි)

:       0       1

අපොන්සු Saturday, 13 September 2014 05:05 AM

චීන ආධාරයෙන් හදපු බවත් සඳහන්ද? (ස)

:       0       1

රොකී Friday, 12 September 2014 02:33 PM

මේක රාවණාගේ ජාත්‍යන්තර වරායක් විය හැකියි.. කෝකටත් බොහොම පරෙස්සමින් කැනීම් කටයුතු කරන්න. විකිරණශීලී අපද්‍රව්‍ය තියෙන්න පුළුවනි. (නදී)

:       0       1

දමින්ද විතානගේ Saturday, 13 September 2014 06:18 AM

මේවා හාර හාරා, සංරක්ෂණය කිරීමෙන් මිනිසුන්ට ජීවත් වෙන භූමි ප්‍රමාණය අඩුවෙනවා , ලංකාවේ කොහේ හෑරුවත් නටබුන් මතුවෙන එක නවත්වන්න පුලුවන්ද ? මේකෙන් වෙන්නේ ඉඩම් මිල තව තවත් අධික ලෙස ඉහල යාමත් ය . අනේ මෙහෙමත් මෝඩ රැලක් මේගොල්ලන්ට වෙන කරන්න වැඩ නැද්ද ?(අ)

:       2       0

සඳුනි Friday, 12 September 2014 03:42 PM

'අපේ අසිරිමත් ඉතිහාසය'...මේ ස්ථාන මැනවින් සංරක්ෂණය කල යුතුයි. (නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site