IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සැකකරුවෝ අල්ලති

(ඉන්දිකා  රාමනායක)

පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර  ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර  ආසන්නයේ දමා යාමේ සිද්ධියට  සම්බන්ධ එකම පවුලේ පියා  පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව   සීදුව පොලිසිය පවසයි.
 මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත   රංජන්  රණසිංහ (36) නැමැති අවිවාහක තරුණයෙකි.
 ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජපන් රටේ රැකියාවකට යවන බවට පවසා  මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයා ට  පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
ඝාතනය ලක් වු තරුණයා ට   පුද්ගලයන්  විදේශ ගත කරන බවට පවසමින්  මුදල් ලබාගෙන   වංචා  කිරීමේ චෝදනා  රැසක්  ඇති බවත්,  මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන  වලට   තරණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
ඝාතනයට  ලක්වු තරුණයා හා සැකකරුවන්  හිතවත්  පුද්ගලයන් බවත්,  ඉකුත් 11 දින  සැකකරුවන්ට  පිටකොටුව ප්‍රදේශයේ දී ඉහත තරුණයා හමුවී  ඇති අතර, ඔවුන් සුක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන   කටාන දාගොන්න  අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ  පොල්  ඉඩමක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
 එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා  ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී  ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (6)

සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සැකකරුවෝ අල්ලති

මොහොට්ටාල Tuesday, 19 September 2023 05:10 PM

පොලිසියට පැමිණිලි ලැබුනා නම් ඒගැන ඒ දිනවලදීම විමර්ශනය කර එයට අදාල කටයුතු කලා නම් ඒ පුද්ගලයා ඔහොම මැරෙන්නෙ නෑ කියලා හිතෙනවා

:       0       10

මාරසිංහ Tuesday, 19 September 2023 07:53 PM

මේ වගේ සල්ලි වලට පොලු තියන පොලු කාරයින්ට සුදුසුම දඬුවම තමයි දීලා තියෙන්නේ.සුට්කේස් එක අපරාදේ.ගහලා මරලා පාරේ දමලා යන්නයි තිබුනේ.පව් කියන්න බැහැ ,ලංකාව වටේම ඉන්න මේ වගේ පොලු කාරයින්ට මේ දඬුවම දෙන්න!!!

:       0       7

Indika Tuesday, 19 September 2023 08:04 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය

:       0       8

lankaputha Wednesday, 20 September 2023 07:59 AM

අහිංසක වින්දිතයා ආරක්ෂා කිරීමට නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට, මිනිසුන් නීතිය තම පාලනයට ගෙන පාඩුව පියවා ගැනීමට හැකි සෑම දෙයක්ම කරති.

:       0       10

de silva Wednesday, 20 September 2023 11:23 AM

හැමදාම අහිංසකයින් රවටමින් මුදල් වංචාකරන වංචාකාරයෝ රටේ බහුලයි. නමුත් නීතියෙන් මොවුන්ට දඬුවම් ලැබෙන්නේ කලාතුරකින්. වැරැදි පුද්ගලයින්ට වංචාකළොත් මැරුම් කන්න වෙන බව මොවුන් කල්පනා කරන්නේ නැහැ.

:       0       7

Bunny Preena Wednesday, 20 September 2023 01:46 PM

වංචනිකයින්ට මෙවැනි දඬුවම් ලංකාව පුරාවටම ක්‍රියාත්මක වුණා නම් අනාගතයේදී ගංගා, ඇඝදොළවල් අයිනේ සූට් කේස් පිරිලා තියේවි...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site