IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිරියාවේදී කළ ඇමරිකානු ප්‍රහාරයට රටවල් 5 ක සහයෝගය

(ද ටෙලිග්‍රාෆ් /ඒඑෆ්පී ඇසුරෙනි - 042)
සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකාව කළ මිසයිල ප්‍රහාරයට සහයෝගය දක්වන බව රටවල් පහක් මේ වන විට ප්‍රකාශ කර ඇත. එංගලන්තය, ජපානය, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව හා ඊශ්‍රායෙලය යන රටවල් ඇමෙරිකාවේ මෙම තීරණයට සම්පූර්ණ සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ. 

එම ප්‍රහාරය ඇමෙරිකාවේ කලහකාරී ක්‍රියාවක් බවත් ඉන් රුසියා-ඇමෙරිකා සබඳතාවලට හානි විය හැකි බවත් රුසියාව අනතුරු අඟවයි. එම ප්‍රහාරය ආරවුලකට මුල පිරිය හැකි බවද රුසියාව කියයි. 

මෙම ප්‍රහාරයෙන් හය දෙනකු මියගොස් ඇතැයි සිරියානු හමුදා පවසයි.

එම ප්‍රහාරය බසාර් අසාද් ගේ ම්ලේච්ඡ රසායනික ප්‍රහාරයට කදිම පිළිතුරක් බව එංගලන්තය ප්‍රකාශ කළේය. එංගලන්ත රජය පැවසුවේ සිරියා රජයේ ගුවන් හමුදා කඳවුරට පහරදීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණයට සහයෝගය පළකරන බවයි. 

සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය එම කඳවුරේ සිට සැලසුම් කරන්නට ඇතැයි ඇමෙරිකාව චෝදනා කළේය. ශයිරාත් ගුවන් හමුදා කඳවුරට මධ්‍යධරණී මුහුදේ තිබූ ඇමෙරිකානු යුද නැවක සිට ටොම්හෝක් වර්ගයේ කෘස් මිසයිල ප්‍රහාර 59 ක් පමණ එල්ල කර තිබිණි. 

එම කඳවුරේ රුසියානු නියෝජනයක් ද ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවා තිබේ. නමුත් ක්‍රෙම්ලින් කාර්යාලය එම ප්‍රහාරය ජාත්‍යන්තර නීතියට පටහැනි බව පවසමින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබිණි.

සිරියානු ජනපති අසාද් මහතාගේ නියෝග පරිදි එල්ල කෙරුණ බව කියන පසුගිය අඟහරුවාදා සිදුවු රසායනික ප්‍රහාරයෙන් කුඩා ළමයින් 20 දෙනකු ඇතුළුව 72 දෙනකු මිය ගොස් තිබිණි.



අදහස් (5)

සිරියාවේදී කළ ඇමරිකානු ප්‍රහාරයට රටවල් 5 ක සහයෝගය

wedage Friday, 07 April 2017 08:52 AM

සවුදි අරාබියේ යුද කඳවුරක් ලබාගැනීමට ඇමෙරිකාව විසින් කුවේට් යුද්දය අරඹන ලදී. මෙයද එවැනිම සිදුවීමකි

:       5       49

daham Friday, 07 April 2017 12:55 PM

මොකා ජනාධිපති උනත් ඇමෙරිකාව වැඩ කරන්නේ නගරන් වගේ. උන්ට විරුද්ධව කෝ එක්සත් ජාතීන් හඬ නගනවා?

:       0       179

samantha Friday, 07 April 2017 01:27 PM

රටවල් දෙකම වැරදියි. රසායනික අවි භාවිතය වගේම අනිත් රටක් ආක්‍රමනය කරන එකත් වැරදියි.

:       2       97

susantha Friday, 07 April 2017 02:14 PM

සිරියාවේ අයි එස් ත්‍රස්තයන්ට විරුද්ධ යුද්දය අවසන් අදියරට පැමිණි අවස්ථාවක රසායනික අවි භාවිතා කිරීමට මෝඩයෙක් වෙයිද සිරියානු ආණ්ඩුව සහ අසාද්. ආපහු සිරියානු ආණ්ඩුව දුර්වල කරලා සිරියානු යුද්දය තව අවුරුදු ගානකට දික් කරගන්න ඔන්න ඇමරිකානු උපක්‍රමය, රසායනික අවි ප්‍රහාරයක්. මෙවැනි නුල් සුස්තර දමමින්, ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ගේ ජිවිත මිලියන ගණන් එක්ක සෙල්ලම් කරන ලොකුම ත්‍රස්තය ඇමරිකාවයි.

:       1       243

siri Friday, 07 April 2017 09:44 PM

ඇමෙරිකාව කරන ඕනෙම වැරදි වැඩක්,දොහොත් මුදුනින් පිළිගන්න ලෝකයක් මේක. උන් කරනකොට හරි,අනෙක් කරනකොට වැරදියි. හෙට අනිද්දා වෙනකොට ලංකාවත් සහයෝගය දෙයිද?

:       1       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2345 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site