IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුරාබදු ගාස්තු ඉහළ දමයි

(යොහාන් භාසුර)
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාල සංශෝධනයන් මේ මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර තල් අරක්කු හැර සෙසු අරක්කු සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 10 ක වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ දමා තිබේ.
රුපියල් 250,000 ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති අතර රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් කෝටිය දක්වා ඉහළ නංවා තිබේ.  
විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 ක් දක්වා ඉහළ නංවා ඇති අතර රුපියල් ලක්‍ෂ 10 ක්ව පැවැති මත්පැන් සඳහා වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත.



අදහස් (6)

සුරාබදු ගාස්තු ඉහළ දමයි

ROCKY Sunday, 14 January 2024 12:35 PM

බදු ඉහළ දැම්මට අයකර ගන්නේ නැහැනේ...!

:       1       13

ranjith Sunday, 14 January 2024 01:32 PM

ජනතාව තවතවත් සූරාකනවා. අන්තිමට ඔය බදු මේ අය ගෙවන්නෙත් නෑ තාම...

:       3       7

Abaran Sunday, 14 January 2024 02:09 PM

මැදපෙරදිග ඇතැම් රටාවක් හැරෙන්නට ලෝකේ සෑම රටක්ම සේවාවන් සපයන්නේ බදු අදායමින්. අපේ රටේ බොහෝදෙනා හිතාගෙන ඉන්නේ රජයේ සේවාවන් සියල්ල නොමිලේ ලබාදුන්නත් බදු යනු ධනපතියන් පමණක් ගෙවිය යුත්තක් බවයි. අනිත් පැත්තෙන් රජයේ සේවකයින්ට ඔවුන් චෝදනා කරනවා.. ඒ අය යැපෙන්නේ මේ අය ගෙවන බද්දෙන්ය කියා... ලැබෙන පළමු අවස්ථාවේදීම රජයට වංචාවක් කරන්න තමයි බහුතරයක් උත්සාහ කරන්නේ... හොරෙන් ලයිට් ගන්නවා..., හොරෙන් වතුර ගන්නවා. බස් එකේ කෝච්චියේ හොරෙන් යනවා. ඒ ටී එම් එක ළඟ රුපියල් 5000ක් වැටිලා තිබුණොත් කීයෙන් කීදෙනාද එක අයිතිකරුට දෙන්න උත්සාහ කරන්නේ... වැඩිදෙනෙක් විලාසිතාවක් වගේ ආණ්ඩුවට බැන බැන තමන්ගේ යුතුකම් ඉටු නොකර ඔහේ ඉබාගාතේ යනවා. තනි තනිව තම තමන් හැදෙන්නේ නැතිව රටක් හදන්න බැහැ.

:       2       13

GajamanSunday, 14 January 2024 07:45 PM

අගය කළයුතු අදහසක් කියන්න පුළුවන් හැම කෙනෙක්ම තමන්ට මුදල් ලැබෙන්නේ කොහොමද? ඒවාට රජයට මුදල් කොයින්ද හිතන්නේ නැහැ... මෑතකදී පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරුකාරියක් අල්ලස් අරගෙන සිපිරිගෙට නියමවෙලා තිබුණා... එයින් පේනවා තමන්ගේ මඩිස්සලෙට ගන්න මිස ඒවා ලැබෙන ආකාරය හිතන්නේ නැහැ... ඔය සංගම් කාරයෝ කිසිවෙක් අපිට දහදාහක් දියව්, විසිදාහක් දියව් කියනවා මිස වැඩ වර්ජන කරමින් සංවර්ධනය අඩාල කරනවා මිස රටේ ආර්ථිකය දියුණුව සඳහා අරක කරපන්, මේක කරපන් කියලා කිසිදාක වර්ජනයක් කරන්නේ නැහැ... හැම වෙලාවේම කියන්නේ දියව් දියව් කියලා විතරයි... (එහෙම අදහස් දෙන්න දැනුමක් නැතුව ඇති ) ඉතින් කොහොමද රට හදන්නේ...?

:       0       3

Prabha Sunday, 14 January 2024 02:35 PM

ගෙවන්න තියෙන මුදල් අයකරගන්නේ නැත්තේ ආණ්ඩුව කඩා වැටෙයි කියන බයටද?

:       0       2

චන්දන Sunday, 14 January 2024 05:47 PM

මත්වතුර මිල නැවතත් වැඩි වෙනව...අර හිග බදු වලට මොකද කරන්නේ ..අමතක කරනව ද..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site