IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිරිපා වඳින්න ජන ගඟක් : වාහන පෝලිම කිලෝමීටර 15ක් දුර

 ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට සෙනසුරාදා සිට අද උදෑසන දක්වා ලක්ෂ අටකට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි නල්ලතන්නි පොලිසිය කියයි.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය මරේ වතුයායේ ද, රථගාල්වල ද, නල්ලතන්නියේ සිට මස් කෙළිය දක්වාත්, මාවුස්සාකැලේ හංදියේ සිට නෝර්ටන්බ්‍රිත් මාර්ගයේත් කිලෝමීටර පහළොවක් පමණ දුරට නවත්වා ඇතැයි පොලිසිය පවසයි.

මාවුස්සාකැලේ පොලිස් මාර්ග බාධකයෙන් නල්ලතන්නියට ඇතුළු වී ඇති වාහන පිටව යන තුරු වෙනත් වාහන ඇතුළු නොකිරීම නිසා මාවුස්සාකැලේ මාර්ග බාධකයේ සිට කිලෝමීටර දහයක් පමණ දුර නල්ලතන්නියට පයින් යෑමට සිදුවී ඇතැයි වන්දනාකරුවෝ පවසති.

වාහන තදබදය අවම කිරීමට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇත.

DSC00171 (Copy) DSC00175 (Copy) DSC00191 (Copy) DSC00203 (Copy) DSC00206 (Copy) DSC00209 (Copy) DSC00213 (Copy) DSC00218 (Copy) DSC00225 (Copy) DSC00230 (Copy)



අදහස් (0)

සිරිපා වඳින්න ජන ගඟක් : වාහන පෝලිම කිලෝමීටර 15ක් දුර

සෑම් Sunday, 21 February 2016 05:33 AM

මාවුස්සාකැලේ මාර්ග බාධකයෙන් ඇතුළු වී ඇති වාහන නැවත පිටව යන්නේ ඒවායේ ආපු නඩය සිරිපා කරුණා කරලා ආපහු ආවාම නේද ? ඉතින් එතකම් අනිත් වාහන එතනට වෙලා බලා ඉන්න ඕනෙද ? (ර)

:       0       0

කුමාර Sunday, 21 February 2016 06:02 AM

සහමර පින්තුර වල හැටියට මේ වන්දනා ගමනද විනෝද ගමන්ද කියලා මටනම් හිතා ගන්න අමාරුයි. (ර)

:       0       0

අමල් Sunday, 21 February 2016 06:12 AM

අනේ.... සාදු සාදු සාදු.! (ර)

:       0       0

සත්‍ය Sunday, 21 February 2016 07:28 AM

විනෝදය සදහා තමයි ගොඩක් අය යන්නේ. (ර)

:       0       0

මැටිපහන Sunday, 21 February 2016 07:45 AM

ශ්‍රී පාදය තමයි ලංකාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් තිබෙන ස්ථානය. නමුත් එයට යන්න තියෙන පාරවල් දෙක දිහා බලන්න. දියගල-නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන්-මස්කෙළිය මාර්ගය යන මාර්ග දෙකම ඉතාම පහත මට්ටමකයි පවතින්නේ. ඔය පාරවල් දෙක කාපට් කරලා පළල් කරලා හදනවා කියල කතාවක් තියෙනවා අවුරුදු 20ක් විතර පරණ. අනිත් එක නල්ලතන්නියේ වාහන ගාල් කරන්න පහසුකම් නැහැ. මග දිගට වාහන පාක් කරාම මාර්ගයේ යන වාහන වල භාදාවක්. ශ්‍රී පාද සමය මාස 6ක් තියෙන එකක්. දවසක දෙකක් වැඩක් නෙමෙයිනේ. මේක මෙයට වඩා සංවිධානාත්මක ලෙසට කල යුතුයි. මිනිස්සු පයින් ඇවිල්ල වැඳපු කාලේ වගේ නෙමෙයි දැන්, එන්න එන්න වාහන වැඩි වෙනවා. (ර)

:       0       0

වසන්ජය Sunday, 21 February 2016 10:08 PM

සාදු සාධු අපිත් වඳිමු ගෞතම මුනි සිරිපා (නි)

:       0       0

අනුලා Sunday, 21 February 2016 08:52 AM

යහපත් සිතින් මෛත්රිය කරුණාව පෙරදැරි කරගෙන සිරිපා වදින්න ඔබ සැමට සමන් දෙන්වින්දු පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site