ලේබල් රෙගුලාසි උල්ලංඝණය කරමින් ඇසුරුම් ආහාර ද්‍රව්‍ය විකිණීම හා බේකරි නිෂ්පාදන දූෂත වන අයුරින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් නල්ලතන්නිය, මස්කෙළිය හා මාවුස්සාකැලේ ව්‍යාපාරිකයන් සිව්දෙනකුට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් 7500 බැගින් රුපියල් 30,000ක දඩ නියම කළේය.
ශ්‍රීපාද වන්දනාකරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබා දීමේ වැඩසටහන යටතේ බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී කේ එල් වසන්ත මහතා ඇතුළු නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සිරිපාදේ ගිය අයට කුණු කෑම දීලා
අජිත් Sunday, 03 March 2013 04:46 PM
ගාමිණී, අතීතය මතක් කරලා දෙන එක නම් හොදයි. එත් ඉතින් ඉන්න පරපුර මේවට හිනාවෙවී ජරාව කනවා.(නදී)
තිලක් Sunday, 03 March 2013 09:31 PM
මම ගෙදරින් දවල් බත කාල බිරිද කොලපත් මුලේ බදින බත් ගෙඩි දෙකත් අග්ගල මුලත් හෑල්ලුවෙ දාගෙන ගිලීමලෙන් හිමේට වැදුනම දේව කරුනාවෙන් පද්මෙ වැදල පහුවෙනිදා දවල් බතට ගෙදරට එනවා. අපි ඔය කඩචෝරු කන්නෙම නෑ. දැන් අපේ කොල්ලන්ට පයින් යන්ඩ බෑ කියල රත්නපුරේට ගිහින් බස්වල නල්ලතන්නි යනව. මග වියදමට කියල දෙතුන් දාහකුත් දෙන්න ඔනෙ. කඩචෝරු කාල බඩේ අමාරත් හදාගෙනයි එන්නෙ.(නදී)
ගාමිණී Sunday, 03 March 2013 11:53 AM
ඉස්සර අපේ මුතුන් මිත්තෝ සිරිපා කරුණා කරන්න යද්දී කෙසෙල් කොළේ, කොළපත් පට්ටේ ඔතාගෙන කෑම අරගෙන ගියා. (නි)
ආරියසිරි Sunday, 03 March 2013 12:34 PM
වැටලීම කළ මහත්වරුන්ට බොහොම පින් ! (නි)
සිල්වා Sunday, 03 March 2013 12:53 PM
මේවා මහා අපරාධ (දී)
කුරුවිට Sunday, 03 March 2013 01:11 PM
ඉස්සර නම් සිරීපාදේ යද්දී "අග්ගලා කන් ඩෝං පුතා" දැන්...?? (නි)
ලලිත් Sunday, 03 March 2013 02:57 PM
වන්දනාවේ යන මිනිස්සුන්ව මුලා කරන මෙවැන්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
වරුණ Monday, 04 March 2013 07:54 AM
උඩ මළුවට ගියාට පස්සේ බඩේ අමාරුවක එහෙම හැදුණොත් කාට කියන්නද? (නි)