IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සිරිධම්ම හිමිගෙන් පොරොන්දුවක්

බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් බෞද්ධ භික්ෂූන් හා අවට වැසියන් සමග ඇතිකැර ගත් බව කියන ආරවුල් සම්බන්ධයෙන් ඒ හිමියන් ද ඇතුළු සංඝරත්නය දොරගුළුලාගෙන පැය දෙක හමාරක් පුරා සාකච්ඡා කරද්දී නොසන්සුන් වූ පිරිස් අවට රැස්වී සිටියහ. යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. තමන් අතින් වරදක් සිදුවූයේ නම් කනගාටුව පළකරන බව සිරිධම්ම හිමි පසුව පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කීවේය. කිසිවකුත් විවේචනය නොකැර ථෙරවාදී භික්ෂුවක ලෙස කටයුතු කරන බව ද සඳහන් කෙළේය. ඞී.බී. ජයතිලක මහතාගේ වලව්ව මිලට ගෙන සිරිධම්ම හිමියනට  එහි භාවනා මධ්‍යස්ථානයකට ඉඩදුන් බවත් සංඝරත්නය විවේචනය කරමින, බුදු දහම ද අබිභවා යමින්, අවට වැසියනට කරදර සිදුවන අයුරින් මතුවට වැඩ නොකිරීමට ඒ හිමියන් එකඟවූ බව දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ කීහ.  ඉදිරියේ දී  එසේ කියා නොකළහොත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ද ඒ හිමියෝ කීහ.



අදහස් (0)

සිරිධම්ම හිමිගෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site