IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සිරිදළදාගමනය ළඟදීම තිරයට

ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය ”සිරි දළදාගමනය” ළඟදීම රිදී තිරයෙන් දැකගත හැකිය. පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමියන් හා ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ සම නිෂ්පාදන කළ වන ”සිරි දළදාගමනය” චිත‍්‍රපටය ”ඊ.ඒ.පී. චිත‍්‍රපට” සමාගමේ ඉදිරිපත් කිරීමකි. මෙහි විධායක නිෂ්පාදනය නිහාල් සංජය ගෙනි. ”සිරි දළදාගමනය” චිත‍්‍රපටයේ දන්ත කුමරු ලෙස හේෂාන් මනුලත්, හේමමාලි කුමරිය ලෙස ප‍්‍රසාදි සමරකෝන්ද ප‍්‍රධාන චරිත නිරූපණය කරති. ඔවුන් දෙදෙනාගේම කුළුඳුල් චිත‍්‍රපට රංගනය මෙයවීම විශේෂත්වයකි. ප‍්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර 7කට පසු චිත‍්‍රපට රංගනයට එක්වීමද මෙහි තවත් විශේෂත්වයකි. අධ්‍යක්‍ෂ - සනත් අබේසේකර



අදහස් (0)

සිරිදළදාගමනය ළඟදීම තිරයට

සුප්රා Friday, 10 August 2012 04:37 PM

ඕක්කොමත් හරියි කියමු...හාමුදුරුවන්ට ඉන්න කෙනා දැක්කහම නිකන් මොකක්ද වගේ.......(ස)

:       0       0

සූ Monday, 13 August 2012 04:03 PM

නළුවා රොෂාන් රණවන උනානම් හොඳයි (දී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Saturday, 18 August 2012 06:49 AM

අපි අපේ අයගේ වැරදි හදා ගතහොත් විතරයි ලෝකයක් හදාන්න පුළුවන් වන්නේ. ඉංග්‍රීසි ජාතිය පොදුවේ ගතහොත්ඒ අයට බණ කියලා වැඩක් නැහැ. කියන බණක් තේරෙන්නේ නැහැ. මනුෂ්‍යයන්ටයි කියන්න ඕනෑ. මේවට සෑම මිත්‍යාදුෂ්ඨික ආගම් රට රටවල්ම වග කියන්න ඕනෑ. ගොඩක් හාමුදුරුවරුන් තවම දන්නේ නැහැ වගේ සංඝයා වහන්සේ නමකගේ වගකීම. බුදුහාමුදුරුවන් සංඝයා වහන්සේලා පත් කළේ නොමග ගිය මනුෂ්‍යයන්ව හරි මගට ගන්න, හරිමග කියා දෙන්න මිසක් චිත්‍රපටි නිශ්පාදනයට නොවේ. චිත්‍රපටි නිශ්පාදනයට ලෙස්ට ජේම්ස් පීරිස් වගේ රත්තරන් මහත්වරු තවමත් මේ සමාජයේ ඉන්නවා.(නි)

:       0       0

H.Perera Saturday, 11 August 2012 10:15 AM

දන්ත කුමරු ලෙස හේෂාන් තෝරාගැනීම නිවැරදි බව පෙනෙනවා....(ස)

:       0       0

මම Saturday, 11 August 2012 10:16 AM

අපේ දෙයක්නේ ඔන්න ඔහේ බලමු (දී)

:       0       0

මම Saturday, 11 August 2012 10:19 AM

නරක උනත් හොද උනත් අපේ දෙයක් නේ (දී)

:       0       0

ප්‍රවීන් Friday, 10 August 2012 06:14 PM

ගීතා අක්කේ ඔයා කොහෙදෝ ..............................(ස)

:       0       0

කුමාරි Tuesday, 14 August 2012 08:23 PM

හොදයි.නමුත් හාමුදුරුවන්ගේ චරිතය ගැන තව ටිකක් හිතලා බැලුවොත් නේද හොද? (නි)

:       0       0

ඩඩ් Friday, 24 August 2012 09:15 AM

සමහර අය නම් හොදින්ම චරිත වලට ගැළපෙනවා (නි)

:       0       0

හර්ෂණ Saturday, 11 August 2012 11:03 AM

මටනම් හිතෙන්නේ මේක සම්පුර්ණයෙන්ම අසාර්ථකයි (දී)

:       0       0

හේමන්ත Tuesday, 21 August 2012 04:36 PM

කැළණි විහාරයේ චිත්‍ර ඒ විදිහටම අනුකරණය කරලා.. අපේ පෞඩ ජාතිය සිනහවට ලක්කරලා.. (නු)

:       0       0

දීපාල් Friday, 17 August 2012 05:10 PM

දන්ත කුමාරයයි, කුමාරියි නම් හරි ලස්සනයි. ඒත් හාමුදුරුවෝ? (නි)

:       0       0

රන්ජිත් Saturday, 11 August 2012 11:06 AM

"ඕක්කොමත් හරියි කියමු...හාමුදුරුවන්ට ඉන්න කෙනා දැක්කහම නිකන් මොකක්ද වගේ" ඔබ හරියටම හරි. මටත් හිතුනේ ඒකමයි... (ස)

:       0       0

පාලිත Sunday, 12 August 2012 01:20 AM

අනේ බුදු අයියේ, අපිටත් ජාතික කතාවක් ඉතුරු කරන්නකෝ. (නි)

:       0       0

කමල් අඩු ඩාබි Saturday, 11 August 2012 11:16 AM

හාමුදුරුවන්ට ගත්ත කෙනා ගැන කිසිම පැහැදීමක් නෑ (අ)

:       0       0

ගයාන් Wednesday, 15 August 2012 10:53 AM

මට නම් හිතෙන්නේ මේ චිත්‍රපටිය දළදා හාමුදුරුවන්ට කළ අපහාසයක් විදියටයි. තව ටික කාලෙකින් බුදු හිමියන්ගේ චරිතයටත් නලුවන් පෙනී සිටියිද දන්නේ නෑ‍නේ මෙහෙම බලාගෙන යද්දී. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 21 August 2012 12:55 AM

කවුද මේ හේමමාලි? දළදා වහන්සේ ලංකාවට වැඩම කෙරෙවුවේ නම් හේමමාලා කුමාරියයි. (නි)

:       0       0

ගයා Wednesday, 15 August 2012 11:13 AM

දැන් අපේ අනාගත පරපුරේ ළමයි විභාග වලට එහෙම පිළිතුරු සපයද්දි හේමමාලා සහ දන්ත කුමරු යනු කවුරුද ඇසුවොත් මේ නලු නිළි දෙපළගේ නම් කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉනෝකා Friday, 10 August 2012 07:48 PM

මීට බොහෝ කලකට පෙර සිදුවන්න තිබුණු දෙයක්. පහුවෙලා හරි සිදුවීම සතුටක්. මේ උතුම් පුණ්‍ය කටයුත්තට සම්බන්ධ වූ සෝමා එදිරිසිංහ මැතිණිය ඇතුළු සියළු දෙනාටම තවතවත් මෙවැනි උතුම් කටයුතු වල යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! බුදු සරණයි! (නි)

:       0       0

සුමුදු Saturday, 11 August 2012 12:01 PM

නළුවෝ ටිකනම් මාරු (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 12 August 2012 09:15 PM

කොයි තරම් හොදද මම යනවා බලන්න

:       0       0

කුමාර Saturday, 11 August 2012 12:06 PM

හමුදුරුවන්‍ට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද අප්පා..... (ස)

:       0       0

ෂානි Tuesday, 14 August 2012 09:18 PM

අනේ අපේ රොෂාන්‍ගේ හැටි. (නි)

:       0       0

නාලක Monday, 13 August 2012 11:45 AM

හොද වැඩක්

:       0       0

කමල් Sunday, 12 August 2012 09:24 AM

කමක් නැහැ කොහොම හරි අපේ ඉතිහාසයනේ (දී)

:       0       0

අම්බලන්ගොඩ Sunday, 12 August 2012 10:22 AM

කරන්න ගත්තහම ඔක්කොම එකම දේ තමයි කරන්නේ. අලුත් දෙයක් කරන්න කෝ (දී)

:       0       0

ධම්ම තෙර Sunday, 12 August 2012 11:45 AM

සියල්ල නුවණීන් විමසන්න. (නි)

:       0       0

නන්දා Saturday, 11 August 2012 01:17 PM

ඒ කියන්නේ දැන් හාමුදුරුවරුන් චිත්‍රපට නිෂ්පාදනයට අත ගහලද? (නි)

:       0       0

විශ්ව Monday, 13 August 2012 05:59 PM

හාමුදුරු චරිතයට එයා කිසි වැඩක් නෑ (අ)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 04:47 PM

බුදුහාමුදුරුවෝ සංඝයා වහන්සේලා පත් කළේ නොමග ගිය මනුෂ්‍යයන්ව හරි මගට ගන්න, හරිමග කියා දෙන්න මිසක් චිත්‍රපටි නිශ්පාදනයට නොවේ. චිත්‍රපටි නිශ්පාදනයට තවමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ රත්තරන් මහත්වරු මේ සමාජයේ ඉන්නවා. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 02 October 2012 01:13 AM

මෙහෙම නිර්මාණ තමයි අවශ්‍ය. ඉක්මණින් බලන්න ලැබෙනවා නම් කැමතියි. හැබැයි කුමරිය තව ටිකක් ලස්සන කළා නම් තමයි හොද. (නි)

:       0       0

ධම්මිකා Sunday, 12 August 2012 12:31 PM

කවුරු කොහොම කිව්වත් කරපු දේ වටිනවා. අද සමාජය හේමමාලා දන්ත කුමාරු කවුදවත් කියලා දන්නේ නෑ. අපේ ඉතිහාසය මෙහෙමවත් දකින එක හොදයි. මේ අපේ අතීතයයි. මේ වගේ තිර රචනා තව කරන්න ධෛර්ය ලැබේවා. බුදුසරණයි. (ත)

:       0       0

නිශාන්ත Saturday, 18 August 2012 01:47 PM

නියම වැඩක් උතුම් උතුම් උත්සාහයක්.. මම මෑතකදි කැළණි විහාරයේ තියෙන හේමමාලා සහ දන්ත කුමරුගේ ඡායාරූපයක් ගත්තා.. මේ චිත්‍රපටය නැරඹීමට බලා සිටිමි...!!(නු)

:       0       0

දයා, සෞදි Sunday, 12 August 2012 01:10 PM

මම නම් හේමමාලා කුමරියට ඉන්න කෙනාට කැමති නැහැ (නි)

:       0       0

සදුන් Wednesday, 15 August 2012 01:26 PM

ඔක්කොමත් හරි හාමුදුරුවන් තමයි පොඩ්ඩක් අප්සෙට්. ඒත් මේක බලලම තමයි හොඳ නරක කියන්න වෙන්නේ. (නි)

:       0       0

මනෝහරන් Friday, 10 August 2012 11:20 PM

මෙතුමා වැඩකට අත ගැහුවොත් ආයි ඉතිං අහන්න දෙයක් නැහැ.නියමයි. (නි)

:       0       0

ඩයස් Monday, 13 August 2012 03:02 AM

ඉතා හොද වැඩක්

:       0       0

ඉෂි Wednesday, 22 August 2012 09:07 PM

දන්න කුමරු සහ කුමරිය නම් හරිම ලස්සනයි. (නි)

:       0       0

සන්ජය් Saturday, 11 August 2012 07:18 PM

හාමුදුරුවන්ට ඉන්න කෙනා දැක්කම නිකම් කොමිටෙල් රසයක් ආවා (දී)

:       0       0

සම් Sunday, 12 August 2012 05:11 PM

අනේ අපේ සිනමාවට ගිය කලක්. ඉතිහාසය විතරක් කන එකනම් හොඳයි.වර්ථමානය, අනාගතය නොකා.සල්ලි ටික සාක්කුවට වගේම ඔය චිත්‍රපටත් ඉතිහාසයේ කුණු බක්කියට තමයි. (ස)

:       0       0

රුක්සලා Saturday, 11 August 2012 07:32 AM

ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්....(ස)

:       0       0

නිලන්ත Friday, 10 August 2012 03:44 PM

කෝ අරයා නෑනේ අනේ...(ස)

:       0       0

සුජිත් Friday, 10 August 2012 03:46 PM

චරිතෙට ගැලපෙන නළු නිලියන් සොයාගෙන නෑ වගේ. මට නම් හාස්‍ය රසයක් දෑනෙනවා (ස)

:       0       0

සමරසේකර Friday, 17 August 2012 09:58 AM

දේශීය සිනමාව උසස් තත්ත්වයකට ගෙන ඒමට ගන්නා උත්සාහය අගය කරනවා. කලාත්මක, නූතන තාක්ෂණික භාවිතාවන්ගෙන් ප්‍රයෝජන ගත් උසස් සිනමා රසවින්දනයක් බලාපොරොත්තුවෙන් අනාගතයට සුබ පැතුම්! (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 20 August 2012 06:14 AM

කහසිවුරු ඇදගෙන පිණ්ඩපාත යන මුවාවෙන් දැන් දැන් සොරකමුත් කරනවා. මගේ ඇහැටම දැකලා තියෙනවා. ඒ නිසා සංඝයා වහන්සේලා විත්‍රපටි වලට ගාවා ගැනීමෙන් වළකින්න.පිණ්ඩපාතයේ වඩින සංඝයා වහන්සේ නමකටවත් දැන් කාලයේ පිණ්ඩපාතයේ වඩින්න බැහැ, පිණ්ඩපාතයේ වඩින සොරුන් හින්දා. (නි)

:       0       0

සිසිර Friday, 10 August 2012 04:23 PM

බලලම තමයි හොඳ නරක කියන්න වෙන්නේ ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 305 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site