IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සරත් ප්‍රනාන්දු සමුගනී

සමාජ හා ආර්ථික ගැන විද්වතකු ලෙස සැලකුණු සරත් ප්‍රනාන්දු මහතා (72) අභාවප්‍රාප්ත විය.

ගොවි නායකයෙකු වූ ඒ මහතා 60 දශකයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළේය. සරත් ප්‍රනාන්දු මහතා 71 කැරැල්ලේදී සිරගතවී 76 වසරේදී නිදහස ලැබුවේය.මාක්ස්වාදී දැනුම හා තම අත්දැකීම් ඉවහල් කරගනිමින් ගොවි ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ගොඩනැගීමට උර දුන් අතර සෙඩෙක් ආයතනයට සම්බන්ධවී 1987 දී දේව සරණ සංවර්ධන කේන්ද්‍රයට සම්බන්ධ විය.

1989,90 ගොවි තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළේය. 90 දශකයේදී ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය නිර්මාණය කළේය.

දේහය අද ඉබ්බාගමුව යකල්ල නිවසේ සිට උදේ 11 ට යකල්ල දේවසරණ මධ්‍යස්ථානයට මහජන ගෞරවය පිණිස රැගෙන එන අතර අවසන් කටයුතු සවස 4 ට කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

sarath_fernando



අදහස් (0)

සරත් ප්‍රනාන්දු සමුගනී

නිමල් රාජපක්ෂ Wednesday, 10 September 2014 08:52 AM

හිතවත් සොයුර, කුමාර ඉලන්ගසිංහ බිෂොප් තුමා මගින් ඔබ හදුනාගන්ට ලැබීම සතුටක් ,නමුත් මෙලෙස වෙන්වී යාම දැනහත් විට මම පුදුමයට හා කණගාටුවට පත් උනෙමි ,. ඔබට දෙවි පිහිටියි, (ස)

:       0       0

ආශා Wednesday, 10 September 2014 09:31 AM

ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

මහින්ද ප්‍රේමසිරි Wednesday, 10 September 2014 10:48 AM

ඔබට පින් පිණිස ඔබ ගිය මඟ යාමට මගේ දරුවන්ට පුරුදු කරමි. මිතුර, ඔබෙත් මගෙත් මීළඟ හමුවීම නිර්වාණයේදී බලාපොරොත්තු වෙමි.මම කළ පින් මදි බැවින් තවමත් දුක් විඳිමි.මගේ ප්‍රමාදයට අමනාප නොවන්න. (නි)

:       0       0

අමර Thursday, 11 September 2014 03:54 AM

තම සුඛ විහරණය උදෙසා ඉංජිනේරුවෙකු වන්නට තිබුනද දුක්විඳින ගොවියා වෙනුවෙන් තම දිවිය කැපකළ මොහු සැබෑ විරුවෙකි. (නි)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 11 September 2014 05:00 AM

මොකක්ද ඔය දේව සරණ කේන්ද්‍රය කියන්නේ‍? (නි)

:       0       0

චන්දක Wednesday, 10 September 2014 12:11 PM

ආදරණීය සරත් මාමේ ඔබට නිවන් සුව පතමි (නදී)

:       0       0

සංජය Wednesday, 10 September 2014 12:57 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චමින්ද Wednesday, 10 September 2014 01:11 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සුසිල් Wednesday, 10 September 2014 02:09 PM

මහින්ද ප්‍රේමසිරි මහතාණනි, නිර්වාණයේදී කාටවත් හමුවිය නොහැකිය. නිවන යනු දෙව්ලොවක් නොවේ. සසරින් මිදීමම නිවන වේ. මට සමාවන්න මෙවැනි අදහසක් පළකිරීම ගැන. (නි)

:       0       0

ධම්ම Wednesday, 10 September 2014 08:05 AM

එතුමාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 260 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site