සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවයේ යෙදී සිට එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගනිමින් රුපියල් හය ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කළැයි චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා සම්බන්ධ අල්ලස් නඩු නවයකට අදාළ නඩු විභාගය ලබන අගෝස්තු මස 23 වැනිදා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (28) නියෝග කළාය.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඉකුත් මැයි මස 05 වැනිදා නිකුත් කළ නොතීසියක් ප‍්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අධිකරණයේ පෙනී සිටියේය.
2006 ජනවාරි 01 වැනි දා සිට ජූලි 31 වැනි දා අතර කාලය තුළදී සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් සමරසිංහ අත්තනායක ලියනගේ පේ‍්‍රමරත්න යන අයට වාසියක් සැලසීමේ චේතනාවෙන් ඩබ්ලිව්.පී.ජී.එන්. 1353 දරන වාහනය කුලී පදනම යටතේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයට ගැනීමට අවශ්‍ය කටයුතු කර එයින් රුපියල් 235, 000.00 ක මුදලක් ලබාදීමට කටයුතු කර අල්ලස් පනතේ 70 වන වගන්තිය ප‍්‍රකාරව දූෂණය නම් වරදක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසම මගින් චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණ.
දෙවැනි චෝදනාව ලෙස සදහන් කර ඇත්තේ ජයසූරිය ආරච්චිගේ සූනීතා ජයසූරියගේ වාහන කුලිය වශයෙන් රුපියල් 80,000 ක් ලබාදීමට කටයුතු කිරීමයි. තෙවැනි චෝදනාව ලෙස දක්වා ඇත්තේ තවත් වාහන දෙකක් සදහා රුපියල් 315,000ක කුලියක් ලබාදිමයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සරණ නඩු නවයකින් අසරණ වෙයි
තබුක් සිල්වා Wednesday, 29 June 2016 05:49 AM
අපි ඔය දන්නා ටික විතරයි. (ර)
අතුල Tuesday, 28 June 2016 02:25 PM
මෙයාට උඩින් මැස්සෙකුටවත් යන්න බැහැ රාජපක්ෂගේ කාලේ , මෙයාට මෙහෙම වෙන්න ඉඩදුන්න අයට දඬුවම් කරන්න ඕන (බ)
නිම්මි Tuesday, 28 June 2016 02:53 PM
මේ අයට ඡන්දේ දුන්න අයට ගහන්න ඕනේ.(හේ)
නිරු Wednesday, 29 June 2016 07:44 AM
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැනේවි ගිනි සේ........ (ම)
ජානක Wednesday, 29 June 2016 07:52 AM
මෙයා කප්පන් ගැනීමෙහි ප්‍රමුඛයෙක් තමුන්ට අවනත නොවන්නන් මර්දනය කිරීමේ ප්‍රමුඛයෙක්. (බ)
නිහාල් ක්‍රිස්ටි Wednesday, 29 June 2016 02:44 AM
මහජන මුදලින් වැටුප් ගෙන මහජන මුදල්ම හොරකම් කරනවද? (නි)
පිටබැද්දර ජයා Tuesday, 28 June 2016 11:10 AM
මගේ අම්මෝ! බැලුවහම එතුමා වටේම ඉඳලා තියෙන්නේම කම්බා හොරුනේ! මේවට නීතියෙන් දඬුවම් කරනකොට කෑගහනවා දේශපාලන පළිගැනීම් කියලා (නි)
රොහාන් Tuesday, 28 June 2016 11:40 AM
හැබෑ කරුණ නම් පසුගිය ආණ්ඩුවේ මෙයා අසරණ නැහැ. (බ)
රාමනායක Wednesday, 29 June 2016 04:10 AM
හිටපු ජනාදිපති තුමාට තව තවත් ආරක්ෂාව දෙන්න වේවි (ම)