(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ රජයේ වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
සොරා ගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැළැක්වීම ණයහිමියන් සහ ණයගැතියන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදා ගැනීමේ පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත (සංශෝධන) පාර්ලිමේන්තුවට මෙසේ ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය
රජය මර්දන නීති හඳුන්වාදී නැතැයිද හෙතෙම සඳහන් කළේය.
රජය අලුත් දේශපාලනයක් ආරම්භ කර ඇති බව පැවසූ නානායක්කාර මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු පනතක් බවද ප්‍රකාශ කළේය.
ජාත්‍යාන්තර නීතියට ප්‍රඥප්තිවලට ගැලපෙන ප්‍රති ත්‍රස්ත පනතක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
භාෂණයේ නිදහසට මේ රජය ගරු කරන බව පැවසූ නානායක්කාර මහතා එම නිදහස තහවුරු කර ගැනීමට ධනාත්මක පියවර ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.
භාෂනයේ නිදහස සහ අපරාධ කියන්නේ ලඟින් යන කරුණු දෙකක් බවද හර්ෂණ නානායක්කාර මහතා කීවේය.
තම කණ්ඩායම ආණ්ඩුකරණයට අළුත් නමුත් දේශපාලනයට අළුත් නැතැයිද හෙතෙම පැවසීය.
අන්තවාදය ජාතිවාදය පැරදවීමට නීති ගෙන එන බවද ඔහු කීවේය.
පහුගිය ආණ්ඩු නීතිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකළ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ධනය බලය අනුව වෙනස් වන නීතියක් මේ රටට හඳුන්වා නොදෙන බවද ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක්
විපරමා Wednesday, 04 December 2024 04:50 PM
මෙළහකටත් හොයාගන්ඩ බැරි විදිහට තැන් තැන් වල හන්ගලා, වෙන අයගේ නම් වලින් තියාගෙන ඇති. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු කිසිම එකෙකුට ගැළවෙන්න නොදිය යුතුයි...
charith Wednesday, 04 December 2024 04:54 PM
ඔය දේවල් කරන ගමන්, නමසිය බර ගණන් වල හදපු නීති අදට ගැලපෙන විදියට අප්ඩේට් කරන්න. ඒ පරණ නීති නිසා තමයි හොරකම් කරන්න බය නැත්තේ මිනිස්සු...
පිටිගල මිලානෝ Wednesday, 04 December 2024 05:32 PM
ඩේසි ආච්චිගෙ මැණික් මල්ලත් හොයනවාද….?
අරවින්ද මොනරවිල Wednesday, 04 December 2024 05:38 PM
රටේම මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබලා ඒක කරනතුරු තමයි. පොල්ගෙඩියේ හා හාල් කිලෝවේ මිල අඩු කරනවාට වැඩිය හොරා කෑව දේශපාලඥයින්ට දඬුවම් දෙන එක රටට අවශ්‍යයි.
ජයම්පති සෙනෙවි Wednesday, 04 December 2024 05:56 PM
පෑකවත්ත ජේවීපී මූලස්ථානයේ මඩ බලකාය ලියපු කමෙන්ට් තමා ඔක්කොම උඩ තියෙන්නේ… ඕක තමයි ජෙප්පෝ දන්නේ…
හිරුනි ජයකොඩි Wednesday, 04 December 2024 05:51 PM
ජෙප්පන්ගේ මාධ්‍ය සන්දර්ශන සල්ලි කාබාසිනියා කරමින් සහ රට බෙදුම්වාදීන්ට විකුණමින්…!
ඩිලේප පෙරේරා Wednesday, 04 December 2024 05:58 PM
කෝ පෙන්නපු ෆයිල් මිටි…? ඒවා ගිහිල්ලා දෙන්න ඒකට… අලුත් පනත් ඕනෑ නෑ. රට බෙදන එක වහන්න… කෝ ෆයිල් මිටි…?
Bandara Thursday, 05 December 2024 05:48 AM
ඒ කියන්නේ උගන්ඩාවේ හංඟපු ඩොලර් ගේනවාද? අපිට මාර විස්වාසයි ඔයගොල්ලෝ ඒවා හොයාගනී කියලා... මොකද කරන්න බැරිනම් කියන්නේ නෑ නේ
රුවන් Thursday, 05 December 2024 06:48 AM
අපිත් එක්ක ආනන්දේ හිටියා යාළුවෙක්, තාත්තා ත්‍රිවීල් රියදුරෙක්, රාජපක්ෂ පරම්පරාවේ ඥාතිකමක් තියෙනවා. කොල්ලා විභාගයත් ෆෙල් ඒ වෙද්දී ජනපති මහින්ද. අද කොල්ලා වගේම මුළු පවුලම එංගලන්තයේ. ඒක පාරට කෝටිපතියෝ වුනේ කොහොමද? අන්න ඒවා මේ රජයට හොයන්න ලෙසිවෙන එකක් නෑ. මොකද රාජපක්ෂ ජාලය ඉතාම විශාලයි. ඔය මම කිව්වේ එක උදාහරණයක් විතරයි.
Kamal Koyrala Thursday, 05 December 2024 12:25 PM
නව පනත් විතරක් මදි ඔය නීති වල තියනවා කියන ගුල් වහන්නත් ඕන එමෙන්ම රජයේ සියලුම ආයතන වල අල්ලස් නීතියට පිටින් කරන ක්‍රියා නැවැත්වීමටත් බරපතල දඬුවම් සහිත නීති අවශ්‍යයි.