(අංජුල මහික වීරරත්න)
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පිටකෝට්ටෙි වත්මන් සිරිකොත ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ 1980 දශකයේ මුල් භාගයේදී ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා එජාප නායකත්වය දරන සමයේ දී ය.
එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙනත් තැනක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණේ නැති බවත්ය.
ජාතික වතු සේවක සංගමයේ කාර්යාලය පිහිටි රාජගිරියේ පිහිටි ඉඩමට එජාප පක්ෂ මූලස්ථානය ගෙනයාමට එහිදී යෝජනා ඉදිරිපත් වූ බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
රාජගිරිය ඉඩමෙි තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ආයෝජකයෙකුට පැවරීමටත් එම ගොඩනැගිල්ලේ තට්ටු දෙක තුනක සිරිකොත එජාප මූලස්ථානය ස්ථානගත කිරීමටත් එහිදී යෝජනාවක් ඉදිරිපත් වූ බවද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරිකොත වෙන තැනකට ගෙනයන සාකච්ඡා
AB Friday, 14 October 2022 06:53 PM
රාජගිරිය ඉඩමේ තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ආයෝජකයෙකුට පැවරීමටත් එම ගොඩනැගිල්ලේ තට්ටු දෙක තුනක සිරිකොත එජාප මූලස්ථානය ස්ථානගත කිරීමටත් "සිරිකොත එජාප මූලස්ථානය අවට පරිසර හිතකාමී වටිනාකමක් " තිබිය යුතු/ ලබාදිය යුතු වේ
salinda Friday, 14 October 2022 08:43 PM
මැදමුලන නම් හොඳ පැත්ත....!
ganegoda Friday, 14 October 2022 09:14 PM
අපි නම් කියන්නේ " අපායට " යවමු කියලා. කැමතියි නේද ?
chandima Friday, 14 October 2022 11:05 PM
ඇයි IMF එකේ සල්ලි වලට වැඩක් දෙන්න වගේ යන්නේ.
Almeida Saturday, 15 October 2022 05:52 AM
බ්ලූමැන්ඩල් කුණු කන්දට ගිනිහින් දාන්න. වෙන නම් දන්න තැනක් නෑ..!
චින්තක Saturday, 15 October 2022 06:08 AM
රටේ වටිනා සම්පත් විදේශවලට දෙනවිට රටේ ඉන්න බැරිවෙනවා. ඉක්මණින් වෙනත් තැනක් හොයාගත්තොත් හොඳයි තමයි... උපායක් ලෙසට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් තෙල් හිඟයක් නැහැ කියන්නේ නොදන්නා කම නිසා. නැත්නම් සුද්දා හදලා දුන්නු ටැංකි සීයට මිල අඩු කාලවල තෙල් පුරවාගෙන මිල වැඩිවුණාම වික්කා නම් තෙල් ප්‍රශ්න නැහැ කියලා හිතන්නේ නැද්ද? අපේ පාලකයෝ කලේ පායන කාලේ පළඟැටියන් සින්දු කියමින් සිට වැහිකාලයේ හිගන්නෝ වගේ වැඩ පමණයි...
Sunil Saturday, 15 October 2022 09:17 AM
නිරයටම යවමු.
Perera Saturday, 15 October 2022 09:42 AM
ඔව් ඉතින් දැන් ත්‍රීවීල් එකක් ජංගම මූලස්ථානය කරගන්න පුළුවන්නේ.
Surain Saturday, 15 October 2022 12:03 PM
පාවිච්චි කරන්නේ නැති වැසිකිළියක් තියෙනවා. ඕනෑනම් එතැනට ගෙනියන්න.