හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල සහ රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලය අතර ‘‘සයුරගිරි ආදර හටන’’ මහා ක‍්‍රිකට් තරගය අටවැනි වරටත් අද සහ හෙට (30-31) රත්ගම බණ්ඩාරවත්ත මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති මහා ක‍්‍රිකට් තරග අතරින් ශ්‍රී සුමංගල ජාතික පාසල පළමු මහ තරගය ජය ගැනීමට සමත්ව තිබේ. සෙසු තරග ජයපරාජයෙන් තොරව අවසන්ව තිබේ.
ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස දකුණතින් පිත්ත හසුරුවන සිවු වැනි වසරේ ක‍්‍රීඩකයකු වන නදීශ ශ්‍රී ලාල් කටයුතු කරයි. ගාල්ල සිරිධම්ම විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස්කරමින් කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවකු ලෙස ප‍්‍රියංකර දිනේෂ් එහි උපනායකත්වය උසුලයි. ප‍්‍රමෝද් චතුරංග, ළහිරු උදයංග, තුසිත් චාරම කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය ලෙස හැඳින්විය හැකිය.
මෙම පාසල් වාරයේදී ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම තරග 5ක ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්ව තිබේ.
රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විදුහල් කණ්ඩායමේ නායක තරිඳු කෞශාල් වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන හත්වැනි වසරේ ක‍්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයෙකි. කඩුලූ 92ක් බිඳහෙළමින් ලකුණු 750 ක් රැුස්කරමින් මේ තරග වාරයේ ඔහු මෙම දස්කම් දක්වා තිබේ. මෙම තරග වාරයේ ලකුණු 280ක් රැුස් කරමින් සහ කඩුලූ 72ක් බිඳ හෙළමින් දස්කම් දක්වා ඇති චතුර ලක්ෂාන් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරයි. හිටපු නායකයකු ද වන ඉසිලූ අකිල ඉරෝෂන, පස්වැනි වසරට ක‍්‍රීඩා කරන ඩිල්ෂාන් කාන්චන සහ රමිදු නිකේෂල කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකිය.
මෙම පාසල් වාරයේදී දේවපතිරාජ විදුහල තරග 12කට සහාභාගීවී තරග 07ක් ජය ලබා තරග දෙකක් පරාජයට පත්ව තිබේ.
දේවපතිරාජ විදුහල් කණ්ඩායම වයස 19න් පහළ අන්තර් පාසල් තෙවන කාණ්ඩයේ ක‍්‍රිකට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ද මේ වන විට සමත්ව සිටියි.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සයුරගිරි ආදර හටන අද - හෙට