IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සයිටම් සිසුහු පෙත්සම ඉල්ලා අස්කර ගනිති

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) සිසුන්ට සායනික පුහුණුව රජයේ රෝහල්වල ලබා දෙන බවට 2014 වසරේදී වූ එකඟතාවය අනුව කටයුතු නොකිරීමෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කර ඇති බවට පැමිණිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු තිබූ පෙත්සම අද (18) ඉල්ලා අස්කර ගැනිණි.

සිසුන්ට සායනික පුහුණුව රජයේ රෝහල් වලදී මේවන විට ලබා දෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටි අතර එම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පස්දෙනෙක් පෙත්සම ගොනු කර තිබිණි.

අදාළ සායනික පුහුණුව අවිස්සාවේල්ල මූලික රෝහලේදී සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත් රෝහල් සහ වෛද්‍ය ආයතන වල ලබාදෙන බව නීතිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සහීඩා බාරි මහත්මිය අධිකරණයට සඳහන් කළාය.

ඒ අනුව තමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටි සහනය දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.



අදහස් (0)

සයිටම් සිසුහු පෙත්සම ඉල්ලා අස්කර ගනිති

හසිනි Tuesday, 19 January 2016 04:30 AM

සල්ලි තිබීම හෝ නැතිවීම අධ්‍යාපනයට හෝ දක්ෂතාවයට අදාළත්වයක් නැහැ. ලංකාවේ අය හිතන්න පුරුදු කරලා තිබෙන්නේ උගත් අය ඔක්කොම එන්න ඕනෑ දුප්පත් තැනකින්, සල්ලි තියන ඔක්කොම මෝඩ අය විදියට. මේ ඔක්කොම තමන්ගේ වාසියට හදාගත් දේවල්(ම)

:       0       0

දුල්මි Tuesday, 19 January 2016 07:30 AM

දැන් සමහරුන්ට හරි සතුටු ඇති (නි)

:       0       0

සිරි Monday, 18 January 2016 05:36 PM

සායනික පුහුණුව ටික කාලයක් කරගෙන යනතුරු නඩුව ඉල්ලා අස්කරගන්නෙ නැතුව ඉන්නයි තිබුණේ. (නි)

:       0       0

සේන Tuesday, 19 January 2016 05:23 AM

ලෝකය පුරාම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවා නම් ඉතින් ලංකාවේ පටන්ගත්තාම ඇති වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 03:15 PM

දීකිරට සාක්කි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site