IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සයිටම් ගැන අවසන් තීරණ සදුදා

රංජන් කස්තුරි

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එම සංගමය, සෞඛ්‍ය ඇමැති, නීතිපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් ද, වෛද්‍ය පීඨ ආචාරුවරු  ඇතුළු පිරිසක් ද කොළඹ ජනාධිපති කාර්යාලයයේ දී අද මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළහ.



අදහස් (14)

සයිටම් ගැන අවසන් තීරණ සදුදා

saman Saturday, 26 August 2017 03:44 AM

සිසුනට, රටට යහපතක් වන තීරණයක් ගැනීමට පාලකයන්ට ශක්තිය ලැබේවා

:       523       1529

dikSaturday, 26 August 2017 08:04 AM

මේකට ඩිස්ලයික් දාලා තියෙන්නේ සිසුන්ට සහ රටට අයහපතක් වෙන්න කියො හිතන අයද?

:       58       218

බද්රානි Saturday, 26 August 2017 08:10 AM

ඔය කියන සයිටම් ආයතනය නිසි නියාමනයකට ලක්කොට, ප්‍රමිතිගත ආයතනයක් බවට පත් කොට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම හා එම ආයතනය විනාශ කර දැමීමට රැඳී ඇත්තේ අප රටේ පාලකයින් අතයි. එකිනෙකාගේ මනසේ පවතින උන්මන්තක සිතිවිලි ක්‍රියාවට නංවනවාට වඩා, රජයේ සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රතිපත්තිය, ක්‍රියාවට නැංවීම තමයි රජය කල යුත්තේ. හුදු, එක ආයතනයකට පමණක් සීමා නොවී මේ රටේ තිබෙන සියලුම පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපනික ආයතන නිසි නියාමනයකින් පවත්වා ගැනීම හා ඒවාට සීල් තබා වසා දැමීම රජයේ යුතුකම හා වගකීම වේ.

:       44       285

one srilankanSaturday, 26 August 2017 04:11 PM

බද්රානි, ඔබ ඉතා සත් භාවයෙන් කරන ප්‍රකාශයක් වියහැකියි. නමුත් අපේ ලංකාවේ හුඟක් දෙනෙක් සත් භාවයෙන් වැඩ කරන්නේ නැත... ඉතින් මේක ට සයිටම් එකට පණදී ස්ථාපිත කළොත් අනාගතේ රට ලොකු ව්‍යවසනයකට ගොදුරු වෙනවා. මේකේ කෙටි සටහනකින් එය විග්‍රහ කරනු බැරිය. නමුත් සයිටම්හි ඉගෙනගන්න සුදුසුකම් ඇති දරුවන් නව පීඨයකට අනුයුක්ත කර ඔවුන්ට සාධාරණය කල යුතුය. සයිටම් වසා දැමිය යුතුය. සයිටම් රජයට පවරාගත යුතුය. රෝහල නෙවිල්ට සහ රාජිතට ආපසු දිය යුතුය. හම්බන්තොට වරාය ගිවිසුමෙන් රටට 1 බිලියන් ඇ.ඩොලර් ලැබෙනකොට රජයට එම වකවානුවට පාඩුව ඇ.ඩො. බිලියන 5.6 යි. මෙය ඇත්ත තිත්ත යථාර්තය...

:       0       0

ලක්සිරිSaturday, 26 August 2017 11:57 PM

බද්රානි, ඔබ කියන විදිහට අපේ රටේ ප්‍රමිතිගත නොවන පෞද්ගලික අධ්‍යාපනික හා සෞඛ්‍ය ආයතන වලට සීල් තියන්න කීවට, මේ රටේ කිසිම ආයතනයක් ප්රමිතිගත නැහැ. ඒ වුණාට අපේ රටේ අය නැට්ට පාගාගෙන, නැට්ටෙන් අල්ල ගෙන සිටින්නේ, සයිටම් ආයතනය පමණයි. එයට හේතුව වෛද්‍ය මාෆියාවේ ඒකාධිකාරය පවත්වාගෙන යමින් ජනතාවගේ මුදල් කොල්ල කෑමයි. පෞද්ගලික වෛද්‍ය සේවය හරහා ජනතාවගේ මුදල් කොල්ල කන, රජයට බදු නොගෙවන දොස්තරලා ඉන්න එකම රට තමයි මේ සිරි ලංකාව..

:       2       56

one srilankan Saturday, 26 August 2017 10:58 AM

රාජිත මහත්තයෝ පින්කමක් කරගන්න වෙලාව... සයිටම් වහන්න අලුතින් අරඹන පීඨයකට සුදුසු කම් ඇති සයිටම් සිසුන් අනුයුක්ත කරන්න.... නුසුදුසු සිසුන්ට වන්දියක් නෙවිල් මාමාගෙන් අරන් දෙන්න. ජනදිපතිතුමාට බාධා කරන්න එපා. හබැයි සයිටම් පවත්වන්න උදව් කරලා මිනිස්සු මරණ දොස්තරලා බිහිකරන්න ලැහැස්ති වෙන්න එපා. මේක තුල දේසපාලන ප්‍රශ්නයක් නැත. කරුණාකර බොරු දේ මවා පා තම අභිමතාර්ථය මුදුන් පමුණුවන්න එපා. එහෙම වුනොත් මුළු ජාතියම ඔබට එරෙහිව නැගී සිටීවි. අපේ දුප්පත් දරුවන්ගේ ලස්සන දොස්තර සිහිනය බොඳ කරන්න එපා. අපිට රාජිත මහත්තයා සමග කිසිම පුද්ගලික ගැටළුවක් නැත.

:       428       723

SamanSaturday, 26 August 2017 03:07 PM

ජනාධිපතිතුමා මුරුංගා ගස්වල නගින්නේ නැතිලු.

:       0       0

UpulSaturday, 26 August 2017 03:11 PM

අද මේ කොටස නෑ. අතිගරු ජනාධිපතිතුමනි, මම මෛත්‍රිපාල මහතාට ඡන්දේ දුන්නා. මට ලිඛිතව ඔප්පු කළහැකියි.

:       0       0

RaneSunday, 27 August 2017 12:25 AM

'දොස්තර සිහිනය' කියන්නේ ආසාවක්ද? රටට සේවය කිරීමක් නොවේද? දොස්තරවරු සිහිනවල ජීවත් වෙන අයද ඇත්තටම?

:       0       3

deva Saturday, 26 August 2017 11:35 AM

මම නම් කියන්නේ මේ සයිටම් එක විදේශ සභාවේ ප්‍රමිතියකට ලක්කොට පවත්වා ගෙනයන්න. නැත්නම් මේක තිබුණත් නැතත් අපේ දරුවන් පිටරට ගිහිල්ලා වියදම් කර සමත් වෙලා මෙහෙ වැඩකරනවා. ඒ නමුත් මේ බංකොලොත් කට්ටිය මේක දැනගෙන නොදන්නවා වගේ අනෙත් දරුවන් උසිගන්නලා එයාගේ අනාගතයත් රටේ අනාගතයත් කා දමනවා. රජය මේක තේරුම්ගෙන මේකට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි.

:       0       36

විකුම් රංගන Saturday, 26 August 2017 02:51 PM

ජනාධිපතිතුමාගේ හා රාජිත මහත්තයාගේ වගකීම තමයි මාෆියා ග්‍රහණයේ තිබෙන වෛද්‍ය අධ්‍යාපනය එයින් මුදාගෙන, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිසුන්ට ලබා දීම. තවද, කොතලාවල වෛද්‍ය පීඨය තුල ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම.... ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා මෙරට හැර යන සිසුන්ගෙන් ඇති විශාල මුදල් කන්දරාවක් ගසා කන ඒජන්සී කරුවන්ගෙන් අපේ රටේ සිසුන්ව ගලවා ගෙන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පියවර ගැනීම...

:       0       0

Appuhami Saturday, 26 August 2017 08:40 PM

මේ පාරවත් කොන්ද පණ තියෙන තීන්දුවක් ගන්නේ නැද්ද බලමු...

:       0       32

Denesh Sunday, 27 August 2017 03:07 AM

ලංකාවේ හැම පුරවැසියෙකුටම උපාධියක් දෙන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ... අවම වශයෙන් ප්‍රමිතියෙන් උසස් පුද්ගලික විශ්ව විද්‍යාල 100 වත් බිහි කරන්න ඕනේ...

:       11       3

ravi Monday, 28 August 2017 06:52 AM

එක විසදුමයි. ඔය කෙහෙල්මල වහල දාන්න. එතකොට සේරම ප්‍රශ්න විසදෙයි.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31418 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13688 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11032 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 138 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1047 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site