හත්වැනි වරට පැවැත්වෙන කාල්ටන් සුපිරි කී‍්‍රඩා සැණකෙළියට සමගාමීව ‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගය තිස්සමහාරාමයේ මෝටර් කී‍්‍රඩා සමාජ සංකීර්ණයේදී මාර්තු 1 වැනිදා පැවැත්වේ.
මෙම පාපැදි තරගාවලිය ප‍්‍රධාන තරග ඉසව් 11 කින් සමන්විතය. අවුරුදු 10 න් පහළ මිශ‍්‍ර, අවුරුදු 13 න් පහළ (පිරිමි/කාන්තා), අවුරුදු 16 න් පහළ (පිරිමි/කාන්තා), අවුරුදු 19 න් පහළ (පිරිමි/කාන්තා), තරග ඉසව් මෙන්ම විවෘත පිරිමි, විවෘත කාන්තා, ප‍්‍රවීණ (වයස අවුරුදු 40 ට වැඩි), සහ විශේෂ විනෝදාත්මක (මිශ‍්‍ර) යන ඉසව් ඊට ඇතුළත්වේ.
ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය විසින් තාරුණ්‍යයට හෙටක් සංවිධානය සමග එක්ව සංවිධානය කරන මෙම පාපැදි තරගාවලියේ පිරිමි සහ කාන්තා විවෘත තරග ජයගන්නා අයට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
තරගාවලියේ ජයග‍්‍රාහකයින් අතර බෙදාදීම සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරකට වැඩි මුදලක් වෙන්කර ඇතිබවද සංවිධායකයෝ කියති.
මෙම තරගාවලියට සමගාමීව පාපැදි කරුවන් 2000 කගේ සහභාගීත්වයෙන් ‘පාපැදි කුණාටුව’ නමින් පාපැදි රැළියක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා පාසල් පැපැදි කරුවන් 1000 ක් අතුළත්වෙතැයි අපේක්‍ෂා කෙරේ.
තරගාවලිය අවසානයේදී තෝරාගන්නා ලද පාපැදි කරුවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරෙන අතර එම ශිෂ්‍යත්ව හිමිකරගන්නා පාපැදි තරගකරුවන් 10 දෙනා මවුන්ටන් පාපැදි ජාතික සංචිතයට ඇතුළත් කරගැනීමටද නියමිතය.
මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය පාපැදි කරුවන්ට ජාතික පාපැදි සංගමය, නො. 524, මරදාන පාර, කොළඹ 10 යන ලිපිනයට පෙබරවාරි 26 වැනිදා හෝ ඊට පෙර අයදුම් පත් යොමු කිරීම මගින් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැක.
**
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගාවලිය මාර්තු 1 තිස්සමහාරාම මෝටර් කී‍්‍රඩා සංකීර්ණයේදී
යොහාන් Tuesday, 19 February 2013 06:25 PM
කොළඹ 10ට ඉල්ලුම්පත නම් යවන්න පුලුවන්. ඒත් තිස්සමහාරාමෙට පදින්න යන එක තමයි ප්‍රශ්නේ. (නි)
වරුණ Wednesday, 20 February 2013 07:47 AM
ගංවතුරෙන් පීඩාවට පත්වූ මිනිසුන්ට සහනයක් දීලා සැනකෙලි පවත්වමු. පොලොන්නරුවේ මනම්පිටිය පැත්තට ගිහින් බලන්න ඒ මිනිස්සු විදින දුක. රට වතුරට යටවෙද්දී මොන සැනකෙලිද?(නදී)