(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය.
සීමා නිර්ණය වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක්වත් නොලැබීම විශේෂත්වයක් විය.
විරුද්ධව ඡන්ද 139ක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ද ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේය.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා අගෝස්තු 29වැනිදා විශ්‍රාම යෑමට නියමික අතර ඔහු වෙනුවෙන් ස්තූතිය පළ කිරීම මෙම ඡන්ද විමසීමෙන් පසු සිදු විය.
2025 නොවැම්බර් මස 04
217
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීමා නිර්ණය වාර්තාව වැඩි ඡන්ද 139කින් පරදී
සතයපාල Friday, 24 August 2018 01:14 PM
ආණ්ඩූවයි විපක්ෂයයි දෙකම එකතු වෙලා ජනතාව මෝඩයට අන්දනවා. මේ දෙකටම අවශ්‍ය නැහැ රටේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් පවත්වන්න. තමන්ගේ නිල බලය හා ධන බලය උපයෝගි කරගෙන කොහොම හරි ඡන්දය දිනනවා කියන ආකල්පයෙන් තමයි වැඩ කරන්නේ. අඩුම තරමේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අය දැන ගන්නා ඕනා දිනන්න පුලුවන් නම් විතරක් යෝජනාව පාර්ලීමේන්තුවට ගෙනෙන්න.
Nandalal DE SILVA - France Friday, 24 August 2018 01:33 PM
ප්‍රජාතන්ත්‍රවාදය නියම විදියට ක්‍රියාත්මක වෙන බවට කදිම උදාහරණයක්......
sarath perth Friday, 24 August 2018 01:48 PM
පාර්ලිමේන්තුවේ ඉන්න අයට කිසිම දෙයක් හරියට කරන්න බැහැ. ජාතියේ අවාසනාව
දිමුත් Friday, 24 August 2018 02:27 PM
වාර්තාවක් කොහොමද අනේ පරදින්නේ? අපි නං අහලා තියෙන්නේ මිනිස්සු පරදිනවා.
Jothi Friday, 24 August 2018 03:33 PM
අනේ අපේ මුදල්...
PerakumSaturday, 25 August 2018 02:08 PM
අපේ බදු මුදල් මේ විදියට හිතුමතේ නාස්ති කරන්න අපි පත් කරපු දියවන්නා හැතිකරයට ඇති අයිතිය මොකක්ද? කව්ද මේවට වග කියන්නේ? කාගෙන්ද නිදහසට කරුණු විමසන්නේ?
Kumar (Gulf) Friday, 24 August 2018 03:43 PM
මේ රිලා නාඩගම කවදා ඉවරවේවිද?
tommy Friday, 24 August 2018 08:15 PM
මේවා ඔක්කොටොම මුල මේ රජය මැතිවරණ වලට මුහුණ දීමට ඇති බයයි.
tikiri Saturday, 25 August 2018 01:29 AM
අනේ 'කන්දකින් මී පැටියෙක් වැදුවා ' .
sirimal Saturday, 25 August 2018 01:44 AM
දැන් ඕක හැදුවේ කවුද? ඉදිරිපත් කරපු කෙනාත් විරුද්ධ නම් පක්ෂ විපක්ෂ ඔක්කොම විරුද්ධ නම්, අපේ මුදල් කෝටි ගාණක් වියදම් කරලා පෙන්නපු නාඩගම මොකක්ද? අනේ 225 වෙනුවට හරක් පට්ටියක් නඩත්තු කළා නම් ගොම ටිකක් හරි ලැබෙනවා. මහපොළව පොර වෙන්න.