
(ආරියරත්න රණබාහු)
මුළු දිවයිනම සම්බුදු තෙමඟුලෙන් අසිරිමත් සිරියක් කියා පෑ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙන්ම ඊට පසු දින වූ අද (24) දිනයේද එහි විසිතුරු සහ අලංකාර බව නොඅඩුවම පැවතිණි.
ලොව්තුරා බුදු හිමියන්ගේ සදහම් දෙසුමට අනුව පෝය දිනය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන් බැතිමත්තු ඊයේ දිනයේ ගම් නියම් ගම්වල සිට ආසන්න නගර වලට පැමිණ වෙසක් සැණකෙළියෙන් උදම් වූහ.
කොළඹ නගරයේ පමණක් ම වෙසක් කලාප 05ක් තිබූ අතර අලංකාර තොරණ 08ක් ද විය. ඊට අමතරව විවිධාකාරයේ දන්සැල් සීයයකට අධික සංඛ්‍යාවක් පැවැත්විණි.
එමෙන්ම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය අද දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා විපක්ෂය නායක සජිත් පෙමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd