IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සම්බාහන කරන ගමන් කුඩු විකුණලා

(මදුශානි අබේසිංහ)

හබරණ ජයසෙන්ගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන හිමිකාරියක දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අද සවස අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.

පොලිස් සුනඛයන් යොදා සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සතුව අයිස් ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් සීයයක් ළඟ තිබියදී සොයා ගැනීමට හැකි වූ බව හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජේ. මධුසංක දිසානායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය .

සැකකාර කාන්තාව පනස් හය වියැති ලිහිනියාමුල්ල,උඩවල,මිරිස්ස ප්‍රදේශයේ පදිංචි අයකු බවද පරීක්ෂණ සිදු කරන හබරන පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාව හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ජයසෙන් ගම සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි පැමිණෙන අයවලුන්ට අයිස් මත්ද්‍රව්‍ය දීර්ඝ කාලයක සිට විකුණා ඇති බවට මූලික පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

සම්බාහන කරන ගමන් කුඩු විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site