IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සම්පත් මනම්පේරිගේ කැරට්ටුව ටික ටික එළියට

(ගයාන් සූරියආරච්චි)

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක්  සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන අගුණකොළ පෑලස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපෙක්සක සම්පත් මනම්පේරි නැමැත්තා 2015 සිට අවස්ථා තුනකදී මාස 22 ක් පමණ රිමාන්ඩ් බාරයේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා සහල් ලොරි කොල්ලකෑම් සිදු කර ඇති අතර ඒ සම්බන්ධව ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

එමෙන්ම ගංජා කිලෝ 106 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මාස 10 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර රුපියල් 50,000 ක දඩයකට යටත්ව ඇප මත මුදා හැර  තිබූ බවත් ගංජා ප්‍රවාහනයට යොදාගත් ඔහුගේ කැබ් රථයක්ද වාද සන්තක වී තිබූ බව එම නිලධාරියා පැවසුවේය.

කෙසේ වෙතත් මෙම සැකකරු 2024 ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීමට පෙර අධිකරණ නියෝග මත එම දඩ මුදල් ගෙවා තිබූ බවද විමර්ශන නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සම්පත් මනම්පේරි නැමැත්තා හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආධාර උපකාර ඇතිව එම ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වී තිබූ බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය වී ඇත.

 



අදහස් (1)

සම්පත් මනම්පේරිගේ කැරට්ටුව ටික ටික එළියට

කෞෂි Thursday, 18 September 2025 10:23 PM

ජාතිය, ආගම සුරකින පොහොට්ටුවේ ජනතා නියෝජිත චරිත ටිකෙන් ටික එළියට.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13560 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site