IMG-LOGO

සමහර ප්‍රවීණයෝ තමයි නවකයන්ව වැරැදි වැඩවලට යොමු කරන්නේ

අවුරුදු කුමරියක ලෙස නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසි ඇය ජයනි චතුරංගිකා වීරසිංහය. දැනට ගුරුවරියක ලෙස කටයුතු කරන ඇය තම විනෝදාංශයක් ලෙස නිරූපණයට ප්‍රියතාවක් දක්වන්නීය. මනා රූ සපුවකින් හෙබී නිරූපිකාවක වන ඇය තම වෘත්තීය ගෞරවය රැකගනිමින් කටයුතු කරන්නීය. නවක නිරූපිකාවන්ට අත්පොතක් බඳුවූ ජයනී ඇගේ කලා තොරතුරු පැවසීමට 'සාරවිට' ආලින්දයට මෙලෙසින් ගොඩවූවාය.

 

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මම ජයනි චතුරංගිකා වීරසිංහ. අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා. 2010 වර්ෂයේදී රත්නපුර පැවැත්වූ තරුණ සේවා අවුරුදු උත්සවයේදී අවුරුදු කුමරිය වුණා. ඊට පස්සේ  2011 වර්ෂයේදී ජාතික රූපවාහිනි අවුරුදු කුමාරිය වුණා. 

 

20160902Jayani-6වෘත්තීමය වශයෙන් ගුරුවරියක් වන ඔබ ඇයි නිරූපණය කරන්නේ?

පුංචි කාලේ ඉඳන් මම කලාවට ගොඩාක් ආසයි. ඒ නිසා තමයි කලාව සම්බන්ධ වුණේ. නමුත් දැන් නම් මගේ ජොබ් එකට තමා මුල්තැන දෙන්නේ. නිරූපණය විනෝදාංශයක් විදිහට කරගෙන යනවා.

 

නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද?

මම නිරූපණයට ආවේ 2007 වර්ෂයේ. කහවත්තේ සිසිර කුමාර කියන අයියා තමා මාව මුලින්ම බ්‍රයිඩල් ෂෝ එකකට බ්‍රයිඩ්ල් කෙනෙක් විදිහට ඩ්‍රෙස් කළේ. ඊට පස්සෙ මම 2008 දී විද්‍යා පීඨ ගියා ගුරුවරියක් විදිහට ඉගෙන ගන්න. 2008 – 2009 අවුරුදුවල පොඩ්ඩක් ඒ නිසා කලාවෙන් ඈත්වෙලා ඉන්න වුණා.

 

ගුරුවරියක් වශයෙන් නිරූපණයේ යෙදීම පිළිබඳව කවුරුත් චෝදනා කරන්නේ නැද්ද?

තවම කවුරුත් මුහුණට මුකුත් කියලා නැහැ. නමුත් නැති තැන කියනවාද දන්නෙ නැහැ. මම මගේ ගුරු වෘත්තීයට හානියක් වෙන කිසිම නිරූපණ කටයුත්තකට සහභාගී වෙලා නැහැ. ඒ නිසා කාටවත් මට චෝදනා කරන්න බැහැ. අනික මම දැන් අම්මා කෙනෙක්. මට අවුරුදු 03ක පුංචි පුතෙක් ඉන්නවා. කලාවට ආදරෙයි වගේම, මම මගේ පවුලටයි, වෘත්තීයටයි ආදරෙයි. මොන දේ කළත් දැන් පවුල් ජීවිතයට සහ රැකියාවට තමා මුල්තැන දෙන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයේ හොඳක් දකිනවාද?

ඔව්. නිරූපණ කියන්නෙ ගොඩාක් ලස්සන තැනක්. නමුත් ගොඩක් අයට නිරූපණ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැහැ.

 

ගොඩක් නවකයන් නිසා නිරූපණ ක්ෂේත්‍රයේ තිබෙන ගෞරවය නැති වෙලා කියනවා. ඒ දේ ඔබ පිළිගන්නවාද?

ඔව්. ඒ දේ වෙන්නේ මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැතුව නිරූපණයට යොමු වෙන අය නිසා. සමහරු හිතන්නෙ ඇඟ පේන්න ඇඳුමක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරපු පලියට නිරූපිකාවක් වෙන්න පුළුවන් කියලා. සමහර නවකයන් ඒ නිසා මුලු ජීවිතේ නැති කරගන්නවා. නමුත් ඒ දේවල් නවකයන්ට විතරක් පටවන එක වැරදි. කොයි ක්ෂේත්‍රයක උනත් නවකයෝ හරි මග යන්නනම් ප්‍රවීණයෝ ආදර්ශවත් වෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. අර කතාවක් තියෙන්නේ කකුළුව ඇදේට යන ගමන් පැටියට කෙළින් යන්න කියනවා කියලා. අන්න ඒ වගේ තමයි ඕකත්. ප්‍රවීණයෝ තමයි සමහර නවකයන්ව වැරදි වැඩවලට යොමු කර ගන්නේ. මේ දේ සමහර ප්‍රවීණයන්ට අදාළයි.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මගේ ගුරු වෘත්තියට හානියක් නොවන, මගේ ස්වාමිපුරුෂයාගෙන් කැමැත්ත ලැබෙන කලා කටයුතුවලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ස්තූති කරන්න පිරිසක් ඉන්නවාද?

මට මේ තැනට එන්න මගේ අම්මා, තාත්තා සහෝදර සහෝදරියෝ, ස්වාමිපුරුෂයා වගේම මට උදව්කරපු හැමෝම මේ වෙලාවේ මම මතක් කරනවා. මගේ තාත්ති නිසා තමයි මේ හැමදේටම යන්න මට නිදහස තියෙන්නේ. මොකද මගේ පොඩ්ඩා ඉන්නේ සීයා එක්කමයි. ඒක ඉදිරි වැඩ කටයුතු වලට මට ලොකු හයියක්. ඊට අමතරව මගේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතිං ඒ අයටත් මම ස්තූති කරනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ ( illumination Photography - 0772 383825 )

20160902Jayani-1 20160902Jayani-2 20160902Jayani-3 20160902Jayani-4 20160902Jayani-5



අදහස් (0)

සමහර ප්‍රවීණයෝ තමයි නවකයන්ව වැරැදි වැඩවලට යොමු කරන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 98 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site