IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල හෙට ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2025’ උළෙල හෙට (10) සිට 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කළේය.  

38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන් ම ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරග වලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වන දූ දරුවන්ට සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් හිමි වනු ඇත.

දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන පහළොස් දහසකට ආසන්න දරු දැරියන් සංඛ්‍යාවක් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගී වන අතර, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක - ක්‍රීඩිකාවන් පන්දහසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරයි. පාසල් 1170ක් නියෝජනය වන මෙම උත්සවයේ දී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කෙරෙනු ඇත.



අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල හෙට ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site