IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෝමවංශ කෝදාගොඩ දකුණේ නව සභාපති

දකුණු පළාත් සභාවේ නව සභාපති ලෙස සන්ධානයේ සෝමවංශ කෝදාගොඩ මහතා රහස් ඡන්දයෙන් තේරී පත් විය.

නව සැසිවාරය ඇරැඹි අවස්ථාවේ මහ ඇමැති ශාන් විජේලාල් මහතා සෝමවංශ මහතාගේ නම යෝජනා කළ අතර එක්සත් ජාතික පක්ෂයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සභාපති ලෙස එජාපයේ අශෝක ධනවංශ මහතාගේ නම යෝජනා කළේය.

නම් දෙකක් යෝජනා වූ නිසා රහස් ඡන්දයක් පැවැති අතර අශෝක ධනවංශ මහතාට ඡන්ද 18ක් ද, සෝමවංශ කෝදාගොඩ මහතාට ඡන්ද 31ක් ද ලැබිණි. ඡන්ද හයක් ප්‍රතික්ෂේප විය.

දකුණු පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 55කි.



අදහස් (0)

සෝමවංශ කෝදාගොඩ දකුණේ නව සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site