IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


සමලිංගිකත්වය ගැන ගැඹුරින් හා සියුම්ව කතා කරන ලංකාවේ පළමු චිත්‍රපටය

2016-10-30-ent-105

සිනමා තිරයට ආ අලුත්ම කුසුම "සය පෙති කුසුම" හෙවත් Frangipani. මේ හරහා ඉතා සියුම්ව දිග හැරෙන්නේ මානුෂීය සබඳතා අතර තියෙන සියුම් හැඟීම්. ඝෘජුවම කීවොත් සමලිංගිකත්වය හා ආදරය ගැන කතාවක්. සමාජ සම්මතය අනුව අපේ වගේ රටක සමලිංගිකත්වයට ලැබෙන තැන මොකක් වුණත් එයත් අතිශය සංවේදී මානුෂීය බැඳීමක් බවයි Fangipani සිනමාපටය තුළින් කියන්ෙන්. ජීවිත තුනක් අතර බැඳුණු ඒ හැඟීම් සිනමාවට නැගුෙව් විසාකේස චන්ද්‍රසේකරන්. ප්‍රධාන භූමිකාවලට පණ පොවන්නේ දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත සහ යශෝධා රසඳුනි.  හදසර මේ කතාබහ "සය පෙති කුසුම" හෙවත්  Frangipani හි  සරසි ලෙසින් සිනමාවට එන  යශෝධා රසඳුනි සමඟ. 

 

කොහොමද මේ දවස්වල වැඩ? 

2016-10-30-ent-107මම වේදිකා නාට්‍යවලට තමා සම්බන්ධවෙලා ඉන්නේ. සෝමලතා සුබසිංහ මහත්මියගේ "විකෘති" නාට්‍යයේ සහ චමිල ප්‍රියංකගේ &මෙය තුවක්කුවක් නොවේ* වේදිකා නාට්‍යයේ තමා මේ දවස්වල වැඩ. 

 

කොහොමද කලාවට සම්බන්ධ වුෙණ්? 

මගේ ඥාති සහෝදරියක් එක්ක කෞෂල්‍යා ප‍්‍රනාන්දු රඟපානවා. ඉතින් එක්තරා අවස්ථාවකදී  කෞෂල්‍යා ප‍්‍රනාන්දු මාව දැකලා, ඇය හරහා තමා  මම 2011 දී සෝමලතා සුබසිංහ මහත්මියගේ play house ආයතනයට සම්බන්ධ වුණේ. 

 

ඔබේ පළමු සිනමා අත්දැකීම මේ "සය පෙති කුසුම" හෙවත් Frangipani? 

ඔව්. මේ මගේ පළමු චිත්‍රපටය. 

 

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ? 

සරසි කියන චරිතයට කෙනෙක් හොයන බව විසාකේස චන්ද්‍රසේකරන් මුලින් කියලා තිබ්බේ නදී කම්මැල්ලවීර එක්ක. එතකොට ඇය මම ඇතුළු තව වේදිකාවට සම්බන්ධ ගැහැනු ළමයි කිහිපදෙනෙක් ගැන කියලා තිබ්බා. ඉතින් අවසානයේ සරසි කියන චරිතය මට ලැබුණා.

 

මොකද අද හිතෙන්නේ ඒ ගැන? 

මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටින් ඉන්නේ. මට අලුත් සමාජ ඇසුරක්  වගේම හොඳ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණා. මේ හරහා මිනිසුන්ට අනවශ්‍ය දෙයක් නෙවෙයි දෙන්නේ. සමාජයේ සැඟවිලා තියෙන දෙයක් ගැන කතා කරන්නේ.

 

ඔබේ රංගනය ගැන ඔබ තෘප්තිමත්ද?

මෙහෙමයි. මේ මගේ පළමු සිනමා රංගනය. මම මේ චරිතයට අනුගත වෙන්න ගොඩාක් උත්සාහ කළා. ඒ වගේම සරසි කියන චරිතය හොඳින් කරන්න දසුන් සහ ජෙහාන්ගෙන් හොඳ සහයෝගයක් මට ලැබුණා. නමුත් යම් යම් තැන්වලදී තව දෙයක් කරන්න තිබ්බා කියලා හිතෙනවා. හැබැයි ඒ මේ නිර්මාණයට පමණක් සීමාවන සිතිවිල්ලක් නෙවෙයි. 

 

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විවිධ ප්‍රතිචාර නම් ලැබෙනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදී මේ චිත්‍රපටය පෙන්නුවා. එහිදීත් විවිධ ප්‍රතිචාර ආවා. මම කියන්නේ මුලින් චිත්‍රපටය බලන්න. ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්න. මොකද ඇතැම් පිරිස් චිත්‍රපටය බලන්නේ නැතිව විවේචනය කරන අවස්ථාත් තියෙනවා. 

 

පවුලේ විස්තර? 

තාත්තා නම් ගිය වසරේ නැතිවුණා. දැන් ඉන්නේ මමයි අම්මයි අක්කයි නංගියි. 

 

ගෙදරින් ලැබෙන සහයෝගය?

ගෙදර අය දැනගෙන හිටියා මම කලාවට කැමති බව. කොහොමත් අපේ ගෙදරින් අපි කැමති දේ කරන්න නිදහස දුන්නා. ඒ සඳහා සහයෝගය දුන්නා. මම නර්තනයට ආසා නිසා මගේ අම්මා මාව පොඩි කාලේ ඉඳන් නර්තන පන්ති පවා දැම්මා.  උසස් පෙළ දක්වාම මම නර්තනය හැදෑරැවා. රංගනයට නම් අහම්බෙන් තමා යොමු වුණේ. 

 

ඉදිරි නිර්මාණ මොනවද? 

මේ චිත්‍රපටය මීට පෙර අවස්ථා කිහිපයකදී තිරගත වුණා. ඒ හරහා පිරිසක් මාව  හඳුනා ගත්තා. ඒ තුළින් මට ආරාධනා කිහිපයක් ලැබුණා. නමුත් යම් යම් හේතු නිසා මට ඒ සඳහා දායක වෙන්න බැරි වුණා. 

 

ටෙලි නාට්‍යය ගත්තොත්?  

ගොළු තාත්තා ටෙලි නාට්‍යයට සහ ලලිත් රත්නායක මහතාගේ අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා.

 

චරිත තෝරාගන්නේ කොහොමද? 

රංගනය සම්බන්ධයෙන් මම කැමති විදියක් තියෙනවා. මගේ රෑපයත් එක්ක මට මේ ලැබුණු නිර්මාණ මම ඒ කැමති විදියේ නිර්මාණ. මම කැමති ප්‍රකාශනාත්මක යම් දෙයක් කරන්න පුළුවන් නිර්මාණ. ඒ නිසා මට ඒ නිර්මාණ තුළ තෝරාගන්න කියලා දෙයක් තිබ්බේ නැහැ. අහනකොටම ඉතාම ආසාවෙන් කරන්න කැමැති වෙන්න පුළුවන්  චරිත තුනක් මේ  නාට්‍ය දෙකේ සහ  චිත්‍රපටයේ මට ලැබුණේ. 

 

වැඩිපුර කැමති වේදිකාවටද?  සිනමාවටද? පුංචි තිරයටද? 

එහෙම කියන්න බැහැ. මොකද මම ඒ අංශ තුනටම කැමැතියි. යම් රසයක් තියෙන නිර්මාණවලට දායක වෙන්න තමා මම කැමැති.  

 

අනාගත බලාපොරොත්තු? 

අහම්බෙන් යොමුවුණාට රංගනයට දැන් මම ගොඩාක් ආසාවෙන් තමා මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ. ඉතින් හොඳ හැදෑරීමක් එක්ක හොඳ නිර්මාණවලට දායක වෙමින් කලාවට යමක් කරන ගමන් කලාව තුළ රුදෙන්න  තමා  බලාපොරොත්තුව. 

 

ආදරය ගැන කතා කළොත්? 

ඔව්. මම පෙම්වතියක්. ඔහු සේවියර්  කණිෂ්ක. මට එයාව මුණගැහුණේ play house ආයතනයේදී. මම ඒ ආයතනයට සම්බන්ධ වෙන කාලේ තමා ඔහුත් සම්බන්ධ වුණේ. ඉතින් ඒ කාලේ ඇතිවුණු ආදරය තමා අදටත් තියෙන්නේ. මට ලොකු සහයෝගයක් ඔහුගෙන් ලැබෙනවා. ඔහුත් කලාව තුළ නියැලෙන කෙනෙක් නිසා අපි දෙන්නට දෙන්නා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. 

 

අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති?

කියන්න තියෙන්නේ මේ "සය පෙති කුසුම" හෙවත් Frangipani  චිත්‍රපටය හැමෝටම බලන්න කියලා. ඊට පස්සේ  ගුණ දොස් විවේචන අපි සංවාද මගින් කතා කරමු කියලා.

 

අනූෂා රණසිංහ

 

2016-10-30-ent-106
2016-10-30-ent-104
2016-10-30-ent-103



අදහස් (0)

සමලිංගිකත්වය ගැන ගැඹුරින් හා සියුම්ව කතා කරන ලංකාවේ පළමු චිත්‍රපටය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site