IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සැමියා මරන්න කොන්ත්‍රාත් දුන්න බිරියයි - හොර මිනිහයි මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට තම හොදම මිතුරාගෙ ගෙල කපා මරා දැමිමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ආණමඩුව පොලිසිය අද (23)  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබා දෙමින් තම විවාහක සැමියා මරා දැමිමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිද හා මෙම සිද්දියෙ මිනි මැරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.

සත්ව ගොවිපලක් හා ගොවිතැන් කටයුතු වල නිරත සිටින ගොවියකුගේ බිරිද සමග රහසේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මෙම සිද්දියට මුහුණ දුන් අදාල තැනැත්තාගෙ මිතුරා විසින් මෙම ඝාතනය කර ඉන් පසුව මොවුන් දෙදෙනා එකට දිවි ගෙවිමට සැලසුම ක්‍රියාත්මක කර ඇති බව කියයි.

අදාල ගොවිතැන් කටයුතු වල නිරත තැනැත්තාගේ බිරිද වැලිමඩ පදිංචි කාරියක් බවත් ඇයගෙ දෙවන විවාහය ලෙස මෙම තැනැත්තා සමග විවාහ වි ඇති බවද කියයි.

එසේ දෙවන විවාහයෙ සැමියා වන තැනැත්තා සමග එකට ජීවත් වෙමින් සිටියදී මෙම කාන්තාව රහසේ තම සැමියාගෙ මිතුරා සමග අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා කිසියම් මොහොතක තම සැමියාට අසුවුවහොත් එය ගැටළුකාරි තත්වයක් විම මත මෙම සිද්දියට අදාල සැකකාරිය ප්‍රධාන සැකකරු සමග එක්වි මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බව කියයි.

ඒ අනුව වැලිමඩ පදිංචිකාරියක් වන මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මව්පියන් බැලිමට යන ලෙස ගොස් සිටියදී අදාල තැනැත්තා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

ඒ අනුව මෙම කාන්තාව දරුවන් සමග වැලිමඩ ගොස් සිටියදී අනියම් සැමියා විසින් කලින් සැලසුම් කල ආකාරයට මිගමුවේ පදිංචි  කුලි මැරයින් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට පොරෝන්දු වී අදාල ගොවියා මරා දැමිමට සැලසුම් කර ඇති බව කියයි.

එම සැලසුම අනුව මෙම කුලි මිනිමරුවන් පසුගිය දින රාත්‍රියෙ කිසිවකුටත් සැක නොසිතන ලෙස රැගෙන විත් අදාල ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට ඇතුල් වී ඇති කියයි.

එසේ නිවසට ඇතුල් වු කුලි මිනිමරුවන් සමග ප්‍රධාන සැකකරුද මෙම නිවසට ඇතුල් වී ඇති බවත් ඒ වන විටත් තද නින්දේ සිටි මිතුරා නිදා සිටි ඇද අසලට ගොස් ඔහුගේ ගෙල කැපිමට ප්‍රධාන සැකකරු කුලි කොන්ත්‍රාත්කරුවන්ට හැකිවන ලෙස ගෙල තදින් අල්ලාගෙ ඇති බවද පරික්ෂණ වලදි සනාථ වි තිබේ.

කෙසේ නමුත් නිදා සිටි ගොවියාගෙ ගෙලට එල්ල වු දරුණු කඩු පහර වැරදි ගොස් කුලි මිනිමරන්නකුගේ දකුණු අතටද දරුණු කඩු පහරක් එල්ල වී ඇති බව කියයි.

එයින් අදාල කුලි මිනිමරන්නාගෙ ඇගිලි සියල්ලම කැපි අතර දරුණු තුවාල සිදුව ඉන් පසුව ගොවියාගෙ ගෙලට කඩු පහර වැදි ඇති බව කියයි.

මේ සමග ගොවියා මහා විලාප තබමින් කෑගසා ඇති බවත් ඒ වන විටත් නිවසේ අනෙක් කාමරයක නිදා සිටි පෙර දින රාත්‍රියේ හදිසියේ පැමින තිබු ඥාතියකුට ඇසි ඔහුද එකවර නින්දෙන් අවදී විමත් සමග මෙම කුලි මිනිමරන්නන් හා ප්‍රධාන සැකකරු පලා ගොස් තිබු බව කියයි.

ඒ සමග අදාල ඥාතියා මහ හඩින් කෑගැසිමත් සමග අසල්වාසින් විසින් කඩිනමින් නිවසට පැමිණ දරුණු තුවාල ලබා සිටි ගොවියා කඩිනමින් ආණමඩුව රෝහලට රැගෙන ගොස් තිබු බවත් ආණමඩුව රෝහලින් හලාවත මහ රෝහලට යවා තිබු බවත් ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිමට කටයුතු කර ඇත.

මේ වන විට සිද්දියට මුහුණ දුන් ගොවියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බව කියයි.

නමුත් ඒ වන විටත් වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි බිරිද පිළිබදව සැක සිති කළ පරික්ෂණ වලින් අනුව සිද්දියට සම්බන්ධ ගොවියාගෙ හොදම මිතුරා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමේන් පසු දිනකට පසු සිද්දියේ සුළ මුල සොයා ගැනිමට හැකිව තිබුණි.

ඒ අනුව මෙම කුලි මිනිමරන්නන් ලෙස කොන්ත්‍රාත්තුව ලබා ගත් මිගමුව පදිංචි කරුවන් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පැවැත්වු පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.

ඒ සමගම ගොවියාගෙ බිරිද වැලිමඩ ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබු අතර  මෙම ගොවියාගෙ ගෙල කපා දැමිමට යොදා ගත් කඩු හා පිහි පාලියාම නැබඩවැවට විසිකර තිබුයදි සොයා ගෙන තිබුණි.

 

 



අදහස් (2)

සැමියා මරන්න කොන්ත්‍රාත් දුන්න බිරියයි - හොර මිනිහයි මාට්ටු

Silva Sunday, 23 April 2023 03:06 PM

දැක්කනේ දේශපාලකයෙක් සම්බන්ධ නැති නිසා දවසෙන් අල්ලා ගත්තා අපේ පොලිසිය...

:       3       106

ලුම්බිණි Monday, 24 April 2023 04:45 AM

විවාහක කාන්තාවගේ පළමු සැමියා පිං කරලා තියෙන බවකුයි පෙනෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site