සයුරංගි විවාහවෙලා දැන් කොච්චර කල්වෙනවද?
අවුරුදු තුනයි
ඔයත් විවාහයෙන් පස්සෙ රඟපෑම් සීමා කර ගත්තු නිළියක්ද?
”නෑ... මට එහෙම සීමා කර ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ.. ඒ මොකද මම කොහොමටත් රඟපෑම් සීමා කරගෙන... තෝරා බේරා ගෙනයි... මේ ක්ෂේත‍්‍රයෙ රැුඳිලා ඉන්නෙ... දුව ලැබෙන්න ළංවෙනකම්ම මම රඟපෑවා.’’
ඇයි ඒ විදිහෙ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඔයා හිතුවෙ?
”මම කලාවට ආදරෙයි. හරිම ආදරෙයි. රඟපෑම... නිවේදනය, හඬ කැවීම.. ඒ තමයි මගේ වෘත්තිය. ඉතින් ඒ වෘත්තිය කරද්දි ගරුත්වයක්... වැදගත්කමක් ඇතිව ඒක කරගෙන යන්නයි මට ඕනැවුණේ. මම කවදාවත්ම මට ලැබෙන හැම නිර්මාණයක්ම භාර අරගෙන නෑ. රඟපාපු නිර්මාණ ප‍්‍රමාණය වැඩි කර ගැනීමේ හීනයක් මට තිබුණෙ නෑ. ඊට වඩා මම හිතුවෙ මට තෘප්තිමත්වෙන දේවල් භාර අරගෙන ඒ දේවල් මගේ උපරිමයෙන් කිරීමයි. එතනදී මම ඒ නිර්මාණකරුවන් ගැන වගේම එයාල කලින් කටයුතු කරපු නිර්මාණ ගැනත් හිතනවා. කරන දේ හරි දෙයක්.. ඒ හරි දේ හරි විදිහට කරන්නයි මට ඕනැ.”

විවාහයෙන් පස්සෙ... මොනම වෙලාවකවත් රඟපෑම් සීමා කර ගන්න කියලා සැමියාගෙන් බලපෑම් ආවෙ නැද්ද?
”නෑ... කිසිම වෙලාවක නෑ...”
එහෙම බලපෑම් ආවනම්?
”එහෙම බලපෑම් එන්න විදිහක් නෑ.. ඒ මොකද අපි දෙන්නා දැන හඳුනාගෙන එකපාරටම නෙවෙයිනෙ විවාහ වුණේ... දැන හඳුනා ගැනීම් තුළින් දෙන්නට දෙන්නගෙ අදහස් තේරුම් අරගෙනනෙ විවාහවුණේ. ඉතින් එයා මගේ සිතුම්... පැතුම්... මගේ විදිහ හොඳින්ම දන්නවා...”
ඒත් බැරිවෙලාවත් එයා ඔයාට රඟපෑමෙන් අයින් වෙන්න කිව්වා නම්
”ඒක එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවනෙ... එයත් දන්නවා මට රඟපෑමෙන් ඈත්වෙලා ඉන්න බෑ කියලා... මම ජීවිතය බොහෝම කළමනාකරණය කරගෙනයි වැඩ කටයුතු කරන්නෙ. ඒ තුළ.. හැම දෙයක්ම මට හොඳින් සමබරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.”
විවාහයෙන් පස්සෙ ඔයාලගෙ ජීවිත ඇතුලෙ වැඩිපුරම සිද්ධවුණේ ඔයා සැමියා කියන විදිහට හැඩ ගැහුණු එකද නැත්නම් සැමියා ඔයා වෙනුවෙන් හැඩ ගැහුණු එකද?
”අපි දෙන්නගෙන් කාටවත් එහෙම විශේෂයෙන් කියලා හැඩගැහෙන්න දේවල් තිබුණෙ නෑ. සිතුම් පැතුම් තේරුම් ගැනීම තුළ ඒ ඒ දේවල් අඩු වැඩියෙන් දෙපැත්තෙන්ම සිද්ධවෙන්න ඇති.”
ඔයා හිතනවද බිරිඳක් විදිහට ඔයාගෙන් සැමියට ඉටුවිය යුතු යුතුකම් හැම එකක්ම නොපිරිහෙලා ඉටුවෙනවා කියලා?
”මම හිතනවා මගෙන් ඉටුවිය යුතු යුතුකම් අතපසුවෙනවා අවමයි කියලා.”
සැමියා නිසා ඔයාට ඔයාගෙ ජීවිතයෙ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?
”සමහර වෙලාවට සමහර දේවල්වලට මට කේන්ති යනවා. ඒ වෙලාවලට කියන්න තියෙන දේ මූණටම කියනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කරන විදිහ එයා නිසා මම ඉගෙනගෙන තියෙනවා.”
මොන මොන වගේ දේවල්වලට ද ඔයාට කේන්ති යන්නෙ?
”බොරු කියනවට.... බොරු කරනවට මම ආස නෑ. අසාධාරණයට කැමති නෑ. අකටයුතුකම්වලට කැමති නෑ.
විවාහ ජීවිතයක් සාර්ථක කර ගන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඔයාලගෙ අත්දැකීම් එක්ක ඔයා ඒකට දෙන කෙටිම පිළිතුර මොකක්ද?
කවදාවත්ම දෙන්නෙකුගෙ අදහස් සියයට සියයක්ම සමාන වෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ඒත් අදහස්වලට සමීප වෙන්න පුළුවන්.. දෙන්නෙක් එකතු වුනහම ගැලපීම් වගේම නොගැලපීම් තියෙන්න පුළුවන්. විවාහ ජීවිතයක් ඇතුලෙදී කරගන්න තියෙන හොඳම දේ තමයි.... ඒ ගැලපීම්... නොගැලපීම් අවම කර ගැනීම හා සමබර කර ගැනීමට උත්සාහ කිරීම. විවාහ ජීවිතයක් පවත්වාගන යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.
2025 දෙසැම්බර් මස 16
112
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
916
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?
කුමාරි Friday, 12 December 2014 12:57 PM
ඇත්තටම හොඳ නිලියක්.අනාගතයට සුබ පතනවා!(හේ)
ලසන්ත Saturday, 13 December 2014 03:12 AM
ආදර්ශවත් නිළියක්. (නි)
සහන Friday, 12 December 2014 08:09 AM
ඉතාම හොඳ කාන්තාවක් හා නිළියක්.ඔබට සුබ පතනවා! (නි)
රසිකා Friday, 12 December 2014 08:10 AM
හරිම චාම් ලස්සනක් තිබෙන නිළියක්. ඔයා ටිකක් පුජා වගෙයි. (නි)
අනුෂා Friday, 12 December 2014 08:25 AM
ඒ වුණාට සමහරු නම් හිතාගෙන ඉන්නේ එයාලට බැරි දෙයක් නැහැ කියලයි. (නි)
කමල් Saturday, 13 December 2014 05:48 AM
මේ කියන කතා ඇත්තද?(හේ)
චන්ද්‍රසිරි Sunday, 14 December 2014 05:26 AM
හොද නිලියක්. (ර)
නන්දසේන Friday, 12 December 2014 07:41 PM
ලස්සන කාන්තාවක්! (නි)
ජීවා Friday, 12 December 2014 11:04 AM
හරිම චාම් මම අාස කරන නිලියක්.(හේ)