(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ සොයිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ඇගේ සැමිය පිහියකින් කපා බරපතළ බරපතල තුවාළ සිදු කර ඇතැයි ගම්පහ නුංගමුව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.
වෛද්‍යවරිය පිහියකින් කපා තුවාල සිදුකළ බව කියන ඇයගේ සැමියා මෙවර පළාත් පාලන මැතිවරණයට සමගි ජන බල වේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභාවකට තරග කරන අපේක්ෂකයකු බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම වෛද්‍යවරියගේ පිට ප්‍රදේශයේ සහ අතක කැපුම් තුවාල පෙනෙන්නට ඇතැයි ද පොලිසිය පොලීසිය කියයි.
වෛද්‍යවරියගේ ජංගම දුරකථනයේ ඇතුලත්ව තිබූ බව කියන දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සැමියා මෙවැන්නක් කර ඇති බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියා දොස්තර බිරියට පිහියෙන් අනී
lapaya Tuesday, 14 March 2023 01:48 AM
පුදුමයි මාලිමාවෙ කිවුවෙ නැතිඑක.
Perera Tuesday, 14 March 2023 03:29 AM
දොස්තර නෝනා බට්ටෝ පෙන්නලා අහුවෙලාද කොහෙද
Rasi Tuesday, 14 March 2023 07:10 AM
පේනවනේ රට හදන්න යන එවුන්ගේ හැටි!
Ranjith Tuesday, 14 March 2023 07:35 AM
ප්‍රාදේශීය සභාවක අපේක්ෂකයෙක් වෙනවා නම් ඌ ගැන මොනවා කියන්නද පිස්සෙක් වෙන්නම ඕන
Lalla Tuesday, 14 March 2023 08:38 AM
නොගැලපෙන එවුන් බැදගන්න එපා කියල ගෑනු පිරිමි දෙගොල්ලොම දත යුතුය. වෘත්තියක නිරත වන අය ඒකට ගැලපෙන අයෙක්ම විවාහ වීම අත්‍යවශ්‍ය සාධකයක්.
චමින්ද Tuesday, 14 March 2023 09:07 AM
ළදරු වයසේ ඇතිවූ ආදරයක් මත විවාහ වෙන්න ඇති ඒත් දෙදෙනා අතර ඇති අධ්‍යාපන නොගැලපීම මෙම තත්වයට හේතුවක් වෙන්න පුළුවන් නැත්නම් සැමියාගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා දුර්වලව පිහිටා තියෙනවා වෙන්න පුළුවන්
Bunny Preena Tuesday, 14 March 2023 09:39 AM
සැකය විනාශයට මුල පුරයි.
ගමේ එකාලා Tuesday, 14 March 2023 02:27 PM
දේශපාලන සුදුසුකමක් ලැබිලා තියෙන බව නම් පේනවා..