IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘සාමය ගෙනා ආරක්ෂක අංශ අමතක කරන්න බෑ‘

 ‘‘අද අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. හැම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්. සෑම කෙනකුටම නිදහසේ ලියන්න පුළුවන්. නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන්.  රටේ සාමය ඇති කරන්න ත්‍රිවිද හමුදාව හා පොලිසිය ලොකු කැප කිරීමක් කළා.  ආරක්ෂ අංශ කළ කැපවීම අමතක කරන්න බැහැ.‘‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුදුකුඩිරිප්පුවේදී පැවසීය.

 ‘‘යුද්ධය පැවති කාලයේදී මේ ප්‍රදේශයේ ලොකු භීෂණයක් තිබුණා. ඔබ සෑම කෙනකුටම යුද්ධයේ ඉතා කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය ගැන ඉතා කටුක අත්දැකීම් මටත් තිබෙනවා. මේ රටේ ජීවත්වන සෑම අයකුටම   යුද්ධයේ කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය   කියන්නේ කිසි කෙනකුට ගුණ දෙයක් නොවෙයි. ගිය මාසයේ මා පාප්වහන්සේ හමු වූ විට උන්වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ තිබෙන යුද්ධය පිළිබඳ ඔබේ අදහස කුමක්ද කියා. මම ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා යුද්ධය ඛේදවාචකයක් බව හා එය මිනිසුන්ට අවශ්‍ය නොවන බව. ඒ අවස්ථාවේ පාප් වහන්සේ මගෙන් විමසා සිටියේ ලෝකයේ තිබෙන යුද්ධය කෙසේද අවසන් කරන්නේ කියා. පාප්වහන්සේ ඇසූ ප්‍රශ්නයට මම පිළිතුරු ලබා දෙද්දි උන්වහන්සේ සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියා. පාප් වහන්සේ එම අවස්ථාවේ ස`දහන් කළේ  යුද්ධය ඇති වීමේදී යුද්ධය කරන මිනිසුන් නොවේ වැරදි කාරයෝ කියා. ලෝකයේ යුද්ධකරන සෑම කෙනෙක් ළඟම අතේ ආයුධ තිබෙන බව දන්නවාද කියා මගෙන් අහුවා.  නමුත් ආයුධ භාවිතා කරන කිසි අයකු ආයුධ හදන්නේ නැහැ නේද කියා ඔහු මගෙන් විමසා සිටියා. ආයුධයක් අතට අරන් කෙනකුගේ ජීවිතය විනාශ කරන කෙනා හටත් ඒ අයුධය තිඛෙන පුද්ගලයාටත් එම ඉරණමම අත්වෙනවා නේද කියා ඔහු මගෙන් විමසා සිටියා. ඒ අනුව උන්නාන්සේ පවසා සිටියේ ආයුද අතට අරන් යුද්ධ කරන මිනිස්සු නොවෙයි වැරදිකාරයන් වන්නේ, ඒ අයුධ නිශ්පාදනය කරන නිශ්පාදකයිනුයි වැරදි කාරයන් වන්නේ කියා. ඒ වගේම උන්නාන්සේ පවසා සිටියේ ලෝකයේ ආයුධ සදන්නේ කවුද කියා දන්නවා නේද කියා. එම නිසා ආයුධ තුවක්කු වෙඩිඋණ්ඩ කියන දේවල් මේ සමාජයේ මිනිසුන්ට අයිති දේවල් නොවේ. ඒ නිසා සෑම කෙනෙක්ම ආගමික න්‍යායන්, දර්ශනයන් තුල ජීවත්වීම ඉතා වැදගත්.

යහපත් සමාජයක් ගොඩන`ගා ගත හැකි වන්නේ අධ්‍යත්මික වශයෙන් මිනිසුන්ගේ සිත් දියුණු කිරීම තුළින්   තමයි  .

කිහිප දෙනකු මට කිව්වා කාලයේ අතුරුදන් වූ තරුණ තරුණියන් හොයලාදෙන්න කියා.  

  උතුරේ දරුවන්ට මම විශේෂ පණිවිඩයක් කියන්න තිබෙනවා. උතුරු ප්‍රදේශය තුළ ලංකාවේ අනෙක් ප්‍රදේශයන්ට වඩා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙන බවක් පේනවා. මත්ද්‍රව්‍ය කියන්නේ ආයුධවලට වඩා දරුණු දෙයක්.අප සෑම කෙනෙකුගේම ජිවිත මත්ද්‍රව්‍ය වලින් විනාශ කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතය   අත්හරින්න කියා මම හැම කෙනෙකුගෙන්ම ඉල්ලීමක් කරනවා . ප්‍රශ්නවලට විසදුම මත්ද්‍රව්‍ය නොවෙයි .  

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා , උතුරුපළාත් ආණ්ඩුකාර එච්.එම්.ජි.එස් පලිහක්කාර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

PREJAFREC-0124-10

PREJAFREC-0124-01 PREJAFREC-0124-02 PREJAFREC-0124-03 PREJAFREC-0124-04 PREJAFREC-0124-05 PREJAFREC-0124-06 PREJAFREC-0124-07 PREJAFREC-0124-08 PREJAFREC-0124-09



අදහස් (0)

‘සාමය ගෙනා ආරක්ෂක අංශ අමතක කරන්න බෑ‘

සුමිත්‍ර බස්නායක Sunday, 24 January 2016 03:53 PM

මේ ගැනනම් කියන්න දෙයක් ඇත්තෙම නැහැ.එපා වෙනවා.(බ)

:       0       0

හේරත් Tuesday, 26 January 2016 01:13 AM

දුක්වෙන්න එපා සමන්. අපේ හමුදාවේ අයත් ළඟදි නිදහස් කරනවා අනිවාර්යයි. (නි)

:       0       0

කෙනත් Sunday, 24 January 2016 05:13 PM

කතාවේ ආකාරයෙන්ම අපි ක්‍රියාවද බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

මලික් Sunday, 24 January 2016 06:20 PM

අපි මේවාට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

යසිත් Sunday, 24 January 2016 08:11 PM

අනේ අපි නම් ඕවට මොකුත් කියන්නෙ නැහැ (නි)

:       0       0

කිත්සිරි Monday, 25 January 2016 12:38 AM

ඇත්ත තමයි සුමිත්‍ර (නි)

:       0       0

සමන් Monday, 25 January 2016 12:39 AM

ඇත්තටම දුක හිතෙනවා. එදා මෙතුමා ඝාතනය කරන්න ආ කොටියට සමාව දුන්නා. නමුත් තමුන්ගේ රාජකාරිය නිසා කොටින් මැරූ වරදට හමුදාව අත්අඩංගුවේ. එදා වීරෝධාර හමුදාව මරාගෙන මැරෙන කොටියාව අල්ලා ගත්තෙ නැත්නම් අද අපි කොහෙද? දැන් හමුදාවට දැනෙනවා ඇති වෙනසේ වෙනස කොහොමද කියලා. (නි)

:       0       0

රමණි Monday, 25 January 2016 10:18 AM

ගයාන්, සිංහල කොටියත් කොටියෙක් තමයි. (බ)

:       0       0

ගයාන් Monday, 25 January 2016 03:41 AM

සමන්, රාජකාරිය නිසා කොටි මරල අත්අඩංගුවෙ ඉන්න එක හමුදා භටයෙකුගේ නම කියන්න පුළුවන්ද අපිටත් දැනගන්න.(බ)

:       0       0

ගයාන් Monday, 25 January 2016 03:47 AM

සමන්, රාජකාරිය නිසා කොටි මරල අත්අඩංගුවෙ ඉන්න එක හමුදා භටයෙකුගේ නම කියන්න පුළුවන්ද අපිටත් දැනගන්න.(බ)

:       0       0

අරුණ Monday, 25 January 2016 04:01 AM

රටට වැඩක් කරපු නායකයෙක් පන්නා දමා බලයට ඇවිල්ලා ඔබතුමාට සැමදා සැමව රැවටීමෙන් සිටිය නොහැකිය. (බ)

:       0       0

ක්‍රිස්ටි පිරිස් Sunday, 24 January 2016 12:05 PM

ඡන්දයක් ළගයිනෙ... (ර)

:       0       0

ජගත් Sunday, 24 January 2016 01:38 PM

කාට කාටත් ඔය පැත්තට නිදහසේ යන්න පුළුවන් වුනේ කවුරු හින්දද අපි දන්නවා.(හේ)

:       0       0

ඇසළ Sunday, 24 January 2016 02:18 PM

බටර් නේද ගාන්නේ. (බ)

:       0       0

කසුන් Sunday, 24 January 2016 02:34 PM

වැනෙනවානේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site