IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘සම්බන්ධන්ලා දෙමළ සන්ධානයෙන් ඉවත් විය යුතුයි‘ - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

(සිරාජ් හසීම්)

දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු යැයි එම සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය තුළ තමිල් අරසු කච්චි පක්ෂයට විවේචන රැසක් මතුවන බවත් එම පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරයට මුළුමනින්ම පටහැනිව යමින් කටයුතු කිරීම ඊට හේතුව බවත් මෙම සන්ධානයෙන් ගැලවී යා යුත්තේ අනෙක් පක්ෂ ත්‍රිත්වය නොව තමිල් අරසු කච්චි පක්ෂය බවත් ඔහු කීවේය.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පළකර සිටියේ යාපනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

‘වත්මන් තත්වය මැද තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු සියල්ලම කඩවුණු පොරොන්දු බවට පත්ව තිබෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොවිය යුතුයි යන ස්ථාවරයේමයි තමිල් අරසු කච්චි පක්ෂයත් සිටින්නේ. නව ව්‍යවස්ථාව තුළින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධනුත් සුමන්තිරනුත් පිළිගෙන තිබෙනවා.එහෙත් උතුරු නැගෙනහිර පළාත් සමගියෙන් පැවතීම ගැන කතා කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ.ඔවුන් ෆෙඩරල් විසඳුම පවා අතහැරලයි කතා කරන්නේ

දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ලම අතහැර ශ්‍රී ලංකා රජයට පක්ෂව කටයුතු කරමින් රජය ආරක්ෂා කරගන්නා ආකාරයෙන් මොවුන් කටයුතු කරනවා‘ යැයි ද ඔහු කීවේය.



අදහස් (3)

‘සම්බන්ධන්ලා දෙමළ සන්ධානයෙන් ඉවත් විය යුතුයි‘ - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

ඇසළ Sunday, 26 March 2017 09:38 AM

එකට හිටියත් එකයි වෙන් වුනත් එකයි කරන මගුලක් ඔයාල තමිල්නාඩුවට ගිහින් කරගනිල්ල මේක ශ්‍රී ලංකාව කියල හිතා ගන්න. 75% ක් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒක ඒ මිනිසුන්න්ට තවම හරියට තේරෙන්නේ නැහැ එකයි මේ හැම දෙකටම හේතුව. ඉන්න විදියට ජාතිවාදේ අවුස්සන්නේ නැතුව ඉන්න. එතකොට උබලටත් අපිටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකේ ජීවත් වෙන ටික කාලේ.

:       0       127

lalithsjm Sunday, 26 March 2017 10:44 AM

මොනා ලියන්නද උතුරයි දකුණයි දෙපැත්තේම අය දැන් එකම පැත්ත නේ

:       0       0

dingirala Sunday, 26 March 2017 11:18 AM

මේ රටේ ප්‍රධාන චෝල ආක්‍රමණ 6 ක් සිදු වුනා. අපේ පැරණි රජ දරුවෝ ඒ ආක්‍රමණ මැඩ පවත්වා නැවත රට එක්සත් කල පසු යටත්වූ එකම එක දමිලයෙක්වත් මරා දැමුවේ නැහැ. යටත්වූ ඔවුන්ට මේ රටේ හිරිහැරයක් නොමැතිව ඉන්න දුන්නා. සමහරු බුද්ධාගම වැළඳගෙන බෞද්ධයෝ හැටියට ජීවත් වුනා. සමහරු හින්දු භක්තිකයෝ විදියට ජීවත් උනා. රටේ බහුතරයකගේ ආගම වූ බුද්ධාගමට ප්‍රධාන තැන දීම පිළිබඳව කිසිම විරුද්ධත්වයක් එදා ඔවුන්ගේ තිබුනේ නැහැ. අදත් බහුතරයක් සාමාන්‍ය දමිල මිනිස්සුන්ට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ මේ කරුම ඊළාම්වාදීන්ට පමණයි. එම ඊළාම්වාදීන්ට බොරු ඉතිහාස කතා හදල දීල අපේ සමහර සිංහල ඊනියා ඉතිහාස උගතුන් ඔවුන්ට උඩ ගෙඩි දෙනවා. අනෙකුත් දේශපාලකයනුත් ඒවාට සහයෝගය දෙනවා. මැල්කම් රන්ජිත් කාදිනල්තුමා පවා කියන්නේ බුද්ධාගමට මුල් තැන දිය යුතුයි කියා.බහුතරයකගේ ආගමට මුල්තැන දීපුවහම මොකද වෙන්නේ?අනිත් අයගේ ආගම් අදහන්න තහනමක් නැත්නම් මොකටද මේ බොරු වලිප්පුව?

:       0       132

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site