IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සමූපේ හිටපු අතිරේක ලේකම් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළියන්දල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

2011 වසරේ පැවැති ‘ඉසුරු සවිය‘ නැමැති සමූපකාර දින උළෙල සදහා වැය කර ඇති රුපියල් මිලියන 183 ක මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබදව නීතිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එම විමර්ශනවලට අනුව එම හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට කරුණු අනාවරණය වී ඇති බව දන්වා ඇත.

ඒ අනුව ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා පිළියන්දල ප්‍ර දේශයේදී ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 

 



අදහස් (3)

සමූපේ හිටපු අතිරේක ලේකම් අත්අඩංගුවට

පොඩිඑකා Thursday, 30 January 2025 04:41 PM

කෝ මේ කරෝලිස් කියන එක්කෙනා…?

:       0       5

පුරවැසියා. Thursday, 30 January 2025 05:44 PM

පහුගිය දවස්වල රජයට, රජයේ සේවකයින්ට නොමිලේ උපදෙස් දෙන වැඩ පිළිවෙලකුත් කරා නේද මෙතුමා...? මාර වැඩක් තමයි වෙන්නේ...!

:       0       4

B Amarasinghe Friday, 31 January 2025 04:53 AM

හුඟක් වෙලාවට නිලධාරීන්ට වරදින්නේ දේශපාලකයන්ගේ වාචික නියෝග පිළිපදින්න ගියාම. අන්තිමේදී තමන්ගේ බෙල්ල ගහල යන්නේ දේශපාලකයා යහතින්. මෙතුමා සාමාන්‍යයෙන් හොරෙක් නෙවෙයි. හොඳ මහත්තයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site