IMG-LOGO

‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සහයෝගයෙන් පාසල් පාපන්දු සංගමය සිවුවැනි වරටත් මෙහෙයවන වයස 13 න් පහළ අන්තර් පාසල් ‘සමපෝෂ කුසලාන’ පාපන්දු තරගාවලියට (බාලක/බාලිකා) සිලෝන් බිස්කට් සමාගමේ ‘සමපෝෂ’ අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (6) ආරම්භවීමට නියමිතය. තරගාවලියේ මුලික වටයේ තරග අවසන් වී තිබෙන අතර ඒ සඳහා පාසල් 600 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 17,000 ක පමණ සහභාගිවුහ. බාලක කණ්ඩායම් 21 ක් සහ බාලිකා කණ්ඩායම් 21 ක් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ඇත. ඊට ක‍්‍රීඩකයෝ 438 දෙනෙක් ද, ක‍්‍රීඩිකාවෝ 178 දෙනෙක්ද සහභාගිවෙති. මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ත‍්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද ශූරතා සම්මාන පිරිනැමේ. පසුගිය වසරේ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ද, බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදී. ඡුායාරූපය: ප්ලේන්ටි ෆුඞ් සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ෂම්මි කරුණාරත්න මහතා විසින් පාපන්දු සංගමයේ යොවුන් ක‍්‍රීඩක සංවර්ධන කමිටුවේ සභාපති වෛද්‍ය මනිල් ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රාහක චෙක්පත සහ ශූරයන්ට පිරිනැමෙන ‘සමපෝෂ කුසලාන’ ප‍්‍රදානය කරන ලද අයුරු. ප්ලේන්ටි ෆුඞ් සමාගමේ සාමාන්‍යාධිකාරී (වෙළෙඳ* වසන්ත චන්ද්‍රපාල, පාපන්දු සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී අනුර ද සිල්වා, පාසල් පාපන්දු සංගමයේ සභාපති ඞී. ජී. ආරියරත්න සහ පාපන්දු සංගමයේ කාන්තා ව්‍යාපෘති භාර නිලධාරිණී ඔලිවියා ගමගේ යන මහත්ම මහත්මීහුද මෙහි සිටිති. ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 155 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2270 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site